“දහසක් වෙහෙර විහාරස්ථාන ගොඩනඟා සසුන් කෙත අස්වද්දමු” තේමාව කරගත් අප කළණ මිතුරු සමූහය මේ වන විට ලංකාව, ලෝකය සිසාරා ලාංකික, විදේශික විවිධ ජාතීන් ද අප වටා ඒකරාශී වෙමින් අද දිනයේදී මුහුණු පොත හරහා 50,000ක ශාසනමාමක උදාර පින්වත් පිරිසක් අත්වැල් බැඳගෙන සිටීම ඉතාමත් පින්බර මොහොතකි.බුත්තල, වැල්ලවාය, මොණරාගල, බදුල්ල, බණ්ඩාරවෙල ආදී ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඉතා සුලු පිරිසකින් ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඇරඹි එම වෑයම පසුව “සසුන් කෙත අස්වද්දමු” නමින් කෙමෙන් කෙමෙන් පුණ්‍යවන්ත පිරිස් ඒකරාශී වෙමින් ගොඩනැගුණු අතර, මුල් කාලවලදී මසකට පින්කම් එකක් හෝ දෙකක් වශයෙන් සිදුවූ නමුත් පසුකාලීනව සෑම සති අන්තයකම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් හිදී නොකඩවා පුරා වර්ෂ 7ක් මේ වන විට ශාසන කුලකමය බැඳීම් නොමැතිව අප විසින් පින්කම් සිදුකරමින් පවතී.එමෙන්ම පළාත් වශයෙන් ද අද වන විට “සසුන් කෙත අස්වද්දමු” සමූහය වටා පිරිස් ඒකරාශී වෙමින් කණ්ඩායම් ගොඩනැගෙමින් එම පළාත් වල නිර්මල සද්ධර්ම පවතින වෙහෙර විහාරස්ථාන නගාසිටුවීමට කටයුතු කරමින් සිටී. ඒ අනුව ඇතැම් දිනයන්හිදී එක් දිනයක් තුළ පින්කම් 4ක් හෝ 5ක් සිදුවන අවස්ථා ද මේ නිසා උදා වෙමින් අපගේ තේමා පාඨය වන “දහසක් වෙහෙර විහාරස්ථාන ගොඩනගා සසුන් කෙත අස්වද්දමු” යන උදාර වැකිය ඉක්මවාගොස් සාසනික සේවාවන් වඩාත් පුළුල්ව වර්තමානය වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. සරල වූ පාරදෘෂ්‍ය බවින් යුතු අප සමූහය හැකි අයුරින් සාදු සිතින් දායකව , දෙස් විදෙස් හි සිටින ශාසන හිතැති කළණ මිතුරන්ට ලෝකෝත්තර ගමනක් උදෙසා මහා කුසල් රැස්කරගැනීමට පුණ්‍ය තෝතැන්නක් ලෙස ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ පදනම පත්ව ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු. සසුන්කෙත පින්කම් සඳහා දිනෙන් දින පැමිණෙන පිරිස් තවත් මිතුරන් කිහිප දෙනෙක් රැගෙන පැමිණීමත් ඔවුන් ඊලඟ පින්කමේදී ඔවුන්ගේද මිතුරන් කැටුව පැමිණීත් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මැනවින් විද්‍යාමාන වන අවස්ථාවකි. මේසේ බැලීමේදී සියලුදෙනා හට පුණ්‍ය නිධානයක්මයි පින්කෙතක් වූ සසුන්කෙත.
─❖─ අයාලේ යන තරුණ ජීවිතයට අරුතක් ගෙන ආවා
වර්තමාන සමාජයේ බොහෝ තරුණ පිරිස් විනෝදය සඳහා කටයුතු කරන ආකාර බොහෝමයක් පවතිනවා. එවැනි වූ ක්‍රම වලින් සතුට සොයාගොස් මංමුලාවූ ජීවිත පවා සසුන් කෙත හා එක්ව ධර්ම මාර්ගයේ යමින් අප සැවොම අවසානයේ බලාපොරොත්තු වන නිර්වාණය සාක්ෂාත් කරගැනීම උදෙසා කටයුතු කරන ආකාරය දැකීමත් චිත්තප්‍රීතිය ගෙනදෙන කාරණයකි.
─❖─ ගම හා පන්සල සම්බන්ධ කර දී සැමට නිති පින් වැඩෙන පින්කම් කර ගැනීමට අවස්ථාව සලසා දුන්නා.
වර්තමානයේ බොහෝ පිරිස් විශේෂයෙන් තරුණ ප්‍රජාව විවිධ හේතූන් මත ගමේ පන්සලෙන් ඈත්ව කටයුතු කරන බොහෝ අවස්ථා අපට දැක ගැනීමට හැකි වුණා. ඔවුන්ට පිනක මහිම වටහා දී ඔවුන් හා පන්සල අතර ශක්තිමත් බැඳීමත් ඇතිකිරීමට ගමින් ගමට යන අප හට හැකිවීමත් අප කළ ඉතාමත් වැදගත් ක්‍රියාවකි. එමෙන්ම විවිධ අදහස් තිබෙන විවිධ තරා තිරමේ විවිධ වයස් වල විවිධ ප්‍රදේශ වල පිරිසක් එකම අරමුණක් පෙරදැරිව යන මේ ගමනට සිව් නිකායේම ස්වාමීන්වහන්සේලාගේ ආශිර්වාදය අනුසාසනය නිරතුරුව හිමිවෙමින් තිබෙනවා.
─❖─ අතිශය දුෂ්කර වූ සසුන් කෙත පින්කම්
ලංකාවේ අතිශය දුෂ්කර ස්ථාන ඝන කැලෑ අලි, කොටි, වලස්සු පවා සිටින වන පෙත්වල ඇතැම් විට ගමන් මාර්ග පවා නොමැති කිසිවකුගේ අවධානයට ලක් නොවන පෙදෙස්වල පවා සසුන් කෙත අප විසින් විශාල සාසනික සේවාවන් සිදුකළා. ඒ අතර..අරිසිමලේ, කුඩුම්බිගල, කලුදිය පොකුණ, රිටිගල, නකල්ස්, මීමුරේ, සිතුල්පව්ව, සිංහරාජ රක්ෂිතය, ශ්‍රී පාද අඩවිය, බුද්ධංගල, පූජාලෙන, යාන් ඔය, තුන්දොළ කලුගල ආදී අතිශය රමණීය තැන්වල ඉතාමත් අසිරිමත් පින්කම් සිදුකළා. සමහර දිනවල කුසට අහරක් නොමැතිව අධික වර්ෂාවේ, අධික අව්වේ අපමණ කැප කිරීම් කළේ, මේ සාසනය රැක ගැනීමේ උදාර චේතනාව පෙරදැරිවමය.
─❖─ “සම්බුදුවරුණ” සර්ව රාත්‍රික බුදු ගුණ දේශනාව
අපට ජීවිතයේ කිසිදා අමතක නොවන අසිරිමත් පින්කමක් වන සම්බුදුවරුණ පින්කම් මාලාව හැඳින්විය හැක. සොළොස්මස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව පවත්වන මෙම පින්කම් මාලාව.. පින්කම කරන ප්‍රදේශයේ පිහිටි අනෙකුත් වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම පමණක් නොව ඒ අවට සියලු දෙනාට ප්‍රවාහන පහසුකම් සලසා දී ධර්ම ශ්‍රවණය කිරීමේ අවස්ථාවද උදා කරනු ලැබුවා
─❖─ ස්වාමීන් වහන්සේලා උදෙසා සිදු කරනු ලබන වෛද්‍ය සායනය
සසුන් කෙත අප විසින් සංවිධානය කරන තවත් ඉතාමත් අගනා වටිනාම පින්කමක් ලෙස මහාසංඝරත්නය උදෙසා සිදු කරන්නා වූ වෛද්‍ය සායනයන් හැඳින්විය හැක. එම සායනය තුළදී වෙද හෙද කණ්ඩායම් සමගින් ඇස,කන,නාස ,දන්ත සායන ද සමගින් සර්වාංග රෝග සඳහා ද සායන පවත්වමින් බොහෝ කලක් ශ්‍රවණාබාධ වලින් සිටි ස්වාමීන් වහන්සේලාට ශ්‍රවණාධාර ද , ඇස් පෙනීමේ ආබාධ වලින් කල් ගෙවූ ස්වාමීන් වහන්සේලාට සුදුසු ලෙස ඇස් කණ්ණාඩි ද , ඒ මොහොතේම අදාළ රෝගයනට අවශ්‍ය බෙහෙත් වර්ග ද පූජා කරමින් දිනය පුරාම අප කරනා ඒ අසිරිමත් පුණ්යකෘත්යන් කිසි දිනක අමතක නොවේ.
─❖─ මාසික භාවනා වැඩසටහන
පින්කම් වලටම සීමා නොවී සසුන් කෙත මිතුරු කැල මාසිකව සිත සුවපත් කරවන භාවනා වැඩසටහනක් සිත් නිවන සොඳුරු පරිසරයක මනාව සංවිධානය කරමින් ධර්ම ඥානය වර්ධනය කරමින් ආධ්‍යාත්මික දියුණුව සඳහා කටයුතු සම්පාදනය කරන ලදී. මේ සඳහා බෙලිහුල් ඔය සීලෝගම, ගල්දූව, මීතිරිගල , දිද්දෙණිය වැනි සේනාසන වලින් අනුපමේය උපකාරයන් සිදුකරන ලදී.
❂ අප විසින් සිදුකළ විවිධ පින්කම්.
-
-
- ත්‍රිපිටක පූජා
- ධර්ම ග්රන්ථ පූජා
- සක්මන් මලු පූජා
- කුටි පූජා ( ගල්ලෙන් වල කුටි, මැටි කුටි, සිමෙන්ති කුටි)
- ස්තූප පිළිසකර කිරීම් ( ගරා වැටුනු සෑයවල් පිළිසකර කිරීම් ඇතුළුව මේ වන විට ස්ථූප සීයක් පමණ පිළිසකර කර ඇත. )
- ජල පද්ධති ළිං පොකුණු සැකසීම්.
- විදුලිය ලබා දීම්
- බුදු මැදුරු පූජා
- පිරිකර පූජා
- වැසිකිලි
- ආවාස පූජා
- බෝමලු
- ධර්ම ශාලා
- වෛද්‍ය සායන ( ස්වාමීන්වහන්සේලා උදෙසා)
- ඉඩකඩම් පූජා
- බෝධිඝර වැලි මලු
- ශබ්ධ විකාශන යන්ත්‍ර පූජා
- වනමල් පූජා
- ධර්ම දාන පින්කම්
- බුදු පිලිම පූජා
- භාවනා මදුරු දැල් පූජා
- කඨින පින්කම්
- දන්සැල්
- රුක් රෝපන
- වතුර ෆිල්ටර් පූජා
- නල ළිං පූජා
- සංඝගත දක්ෂිණා
- වියළි සලාක පූජාවන්
- සීමාමාලක තැනීම්
- ප්‍රාකාර බැමි ආරක්ෂක පවුරු සෑදීම්
- ඝණ්ඨාර කුළුණු
- සංඝාවාස
- අසිරිමත් ස්ථූප වන්දනා
- මංමාවත් සෑදීම්
- මල් ආසන
- චීවර පඬු පෙවීම්
- අලි වැටවල් සකස් කිරීම.
- ධර්මාසන, මේස පූජාවන්
- ධාතු මන්දිර සෑදීම්
- ස්ථූප සඳහා ආලෝකකරණ පද්ධති සවි කිරීම්
- වාහන පූජා
- පා දෝවන පින්කම්
- පාලම් පූජා
- කරඬු පූජා
- පිණ්ඩපාත පූජා
- ධාතු වන්දනා පින්කම්
- එපමණක් නොවේ සමාජ සත්කාරත් අප විසින් සිදුකළා.
-
වසර හතක් තුළ කර ඇති ප්‍රධාන පින්කම්.
-
-
- උතුරු මැද පළාත. ━━━━━━━ 195
- දකුණු පළාත. ━━━━━━━ 116
- බස්නාහිර පළාත. ━━━━━━━ 101
- සබරගමුව පළාත. ━━━━━━━ 70
- නැගෙනහිර පළාත. ━━━━━━━ 56
- වයඹ පළාත. ━━━━━━━ 50
- මධ්‍යම පළාත. ━━━━━━━ 57
- ඌව පළාත. ━━━━━━━ 55
- උතුරු පළාත. ━━━━━━━ 35
-
මෙහිදී විශේෂයෙන් ම සිහිපත් කළ යුතු කරුණක් නම් අපට මේ ගමන් මග යාම සඳහා ධර්මයෙන් උපකාර කළ සියලු ස්වාමින් වහන්සේලාට ද , සිල්මෑණිවරුන්ට ද ගුරුහරුකම් ලබා දුන් සියලු වැඩිහිටි පිරිසට ද වචනයෙන් පවා උපකාර කළ සියලු දෙනාටම ද , එමෙන්ම අපමණ කාය පූජාවෙන් කැපකිරීම් කරමින් මේ සඳහා සම්බන්ධ වන “සසුන් කෙත අස්වදද්දමු” කළණ මිතුරන් සියලු දෙනාට ද ,මෙත් සිතින් යුක්තව පින් අනුමෝදන් කරන අතර, පුරා වසර 07 “සසුන් කෙත අස්වද්දමු” සමූහය වටා ඒකරාශී වෙමින්, පින්කම් කරමින්, දැකබලා අනුමෝදන් වෙමින්, පිරිස් සම්බන්ධ කරමින්, මුහුණු පොත තුළ අපගේ post share කරමින්, සසුන් කෙත පිළිබඳ බොහෝ පිරිස් දැනුවත් කරමින්, සසුන් කෙත facebook පිටුව, facebook group එක සඳහා බොහෝ දෙනා එකතු කරමින් ඔවුන්ට ද බොහෝ පින්කම් කරගැනීමට අවස්ථාව උදාකරදුන් ඔබ සැමට “සසුන් කෙත අස්වද්දමු” හා එක්ව කර ගත්තා වූ සියලු පුන්‍යකර්මයන් ගේ පින් බලයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් පහසුම කෙටිම ආකාරයකින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වීම පිණිස ඔබ අප සැමට උපනිශ්‍රය වේවා ! එමෙන්ම මේ වන විට කොරෝනා වසංගතය හේතුවෙන් පීඩා විඳින ලංකාවාසී, ලෝකවාසී සියලු දෙනාට තුන්රුවනේ ආශිර්වාදයෙන්, අප කළාවූ පින්කම් වල කුසලානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා !මෙම වසංගත තත්ත්වය ඉක්මනින් ලංකාධරණිතලයෙන් ලෝකයෙන් තුරන්ව සියලුදෙනාට සෙත සැලසේවා ! ඉදිරියටත් “සසුන් කෙත අස්වද්දමු” සමූහය සමගින් ධර්ම මාර්ගයේ යමින් ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කිරීමට ඔබ සැමට පින් සිතින් ආරාධනා ! තෙරුවන් සරණයි !
❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ පින්කම් සඳහා සම්බන්ධ වීමට..
අමතන්න ඉසුරු – 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.