රුහුණේ විසූ අග්ගබෝධි කුමරු විසින් කරවූ මෙම මාලිගාවිල බුදුපිලිමය හා විහාර ගෙය ඉතාමත් සුවිශේෂී නිර්මාණයකි. මීට වසර 04 කට පෙර එනම් 2016/06/15 දින මාලිගාවිල බුදු පිලිමයේ මලුවට සුදු වැලි ඇතිරීමේ පින්කම සඳහා පලමුව වැලි ගෙන ඒම සඳහා මා මිතුරන් සමගින් කුඹුක්කන් ඔයට ගොස් , කුඹුක්කන් ඔයෙන් වැලි ගොඩ දමා , එම වැලි පටවා මාලිගාවිල බුදු පිලිමය පිහිටි මලුව වෙත ගෙන ගොස් එම වැලි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින මලුවෙහි බුදුගුණ සිහිකරමින්ම මලුව පිරිසිදු කර මනාව වැලි අතුරා සකස්කරන ලදී.
දිනය පුරාම අප රැස්කළ සියලු පින් අපව පින්කම පිලිබඳ දැනුවත් කළ දිමුතු අයියාටද , පින්කම සංවිධානය කළ සියලුදෙනාට ද , සතුටු සිතින් පින් කැමති සියල්ලන් හටද අනුමෝදන් කරන්නෙමු. සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා ! තෙරුවන්සරණයි ! නමෝබුද්ධාය !
සාදු ! සාදු ! සාදු !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.