ආනන්ද,නන්ද,රාහුල,සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා චුන්ද, මහා රහත් පරපුරෙන් පැවත එන ආර්ය මහා සංඝරත්නය ගැන අසන්නට ලැබීමත්, උන් වහන්සේලා ඇසුරු කරන්න ලැබීමත් කෙතරම් භාග්‍යක්ද , පසුගිය දිනක අප පියනැගූ වලගම්බා රජ දවස ඉදිවූ අසිරිමත් කරදගොල්ල රක්ඛිත්තාකන්ද වනසෙනසුනෙහි හුදකලාව විවේකී සුවයෙන් බවුන් වඩන ස්වාමින් වහන්සේලා වාසයකරන අයුරු දැක මගේ හිතට මහත් ප්‍රීතියක් ඇති විය. උන්වහන්සේලා නිරන්තරයෙන් කැලෑවේ, වන පෙත තුළ කුටි තුළ , වන පෙතෙහි තැනින් තැන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සිදුකරන නිසා මැසි මදුරුවන්ගෙන් නිරන්තරයෙන් භාවනා කටයුතු සඳහා බාධා පැමිණෙන බව මට දැනගැනීමට ලැබුණා. ඒ සඳහා ස්ථීර විසඳුමක් ලෙස උන්වහන්සේලාගේ භාවනා කටයුතු සුවපහසු ලෙස සිදුකර ගැනීමට ද මැසි මදුරුවන් ආදී වනයේ සිටින කෘමි සතුන්ගෙන් ආරක්ෂා වී නිවන් මාර්ගයේ වැඩීම පහසු වීම සඳහා දැලකින් කරන ලද කුටි (Meditation Net ) පූජා කිරීමට අවස්ථාව 2016.07.23 දින අප සැමට උදා වුණා. සඝ ගුණ සිහිකරමින් උන් වහන්සේලාට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතීවා යන අදහසින්ම කලන මිතුරන් සමගින් එක් වී මෙම දැලකින් කරන ලද කුටි පූජා කළෙමු. මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලුම පුන්‍ය ධර්මයෝ මේ සඳහා මෙම දැලකින් කරන ලද කුටි (Meditation Net ) ලබාදුන්..
- කැනඩාවේ පදිංචි නිලූෂි විමලරත්න අක්කා ඇතුලු පවුලේ සියලුදෙනාට ද ,
- සුනිල් ආනන්ද අයියාත්,
- ඉනෝකා ජයසිරි අක්කා ඇතුලු දායකත්වය දැරූ සියලුදෙනාට ද ,
- වචනයෙන් පවා උපකාර කළ සියලුදෙනාට ද
අප්‍රතිහත කැපවීමකින් කාය පූජාවෙන් සම්බන්ධ වූ “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ද සෙනසුනේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ද රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හට නිවන් පිණිසම හේතු වේවා !
අවුරුදු පහකට පමන පෙරාතුව සිදුකල පින්කමක් නැවත අනුමෝදන් වීම පිණිස එක් කරන ලදී…
තෙරුවන් සරණයි! නමෝබුද්ධාය! සාදු සාදු සාදු…….!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.