බුත්තල කතරගම මර්ගයේ 5 කි මි ගමන් කරන විට හමුවන අනුරාධපුරයුගයේදී දුටුගෑමුණු සද්ධාතිස්ස කුමරුන් විසින් ගලින් නිමකල බුද්ධ ප්‍රතිමා සහ බෝසත් ප්‍රතිමා සහිත බුද්ධ විහාර ලෙන සහිත ගල්ලෙන් 500 කින් සමන්විතව ගොඩනගන ලද රහතන් වහන්සේලා වෑඩ සිටි මනරම් බුදුගල්ලෙන තපෝ වනයේ වර්තමානයේ වෑඩසිටින කල්යානි යෝගාශ්‍රම සංස්තාවේ හුදකලාව විවෙකී සුවයෙන් බවුන් වඩන උතුම් ස්වාමින් වහන්සේලා හට ව්න පෙත තුලද , කුටි තුලද ,වන පෙතෙහි තෑනින් තෑන පිහිටි ගල් තලා මතද සුවසේ භාවනා කටයුතු සිදුකරගෑනීමටද මෑසි මදුරන් ආදී වනයේ සිටින කෘමි සතුන්ගෙන් ආරක්ෂා වී නිවන් මාරගයේ වෑඩීම පහසු වීම සදහා දෑලකින් කරන ලද කුටි 15ක් (meditation net ) පූජා කිරීමට අවස්තාව 2016.08.14 වන අද දින අප සෑමට උදා වුනා.
සඝ ගුන සිහිකරමින් උන් වහන්සේලාට බොහෝ කාලයක් හිත සුව පිනිස පවතීවා යන අදහසින්ම කළන මිතුරන් සමගින් එක් වී මෙම දෑලකින් කරන ලද කුටි 15ව පූජා කලෙමු.එමෙන්ම සප්ත විශුද්ධිය සහ විදර්ශනා ඥාණ” –.පූජ්‍ය මාතර ඥානාරාම හිමියන්ගේ ධර්ම ග්රන්ථ 11ක්ද පූජා කරමින් ධර්ම ධානය සිදුකලෙමු .දෑනට ස්වාමින් වහන්සේලා 30 නමක් පමන බුදුගල්ලෙන තපෝ වනයේ වෑඩ වාසය කරන අතර ඒ සියලු ස්වමින් වහසේලාද ,අතීතයේ පහලවූ ආනන්ද,නන්ද,රාහුල,සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා චුන්ද, ආදී මහ රහතන් වහන්සේලාද මෙන්ම අනාගතයේ බුද්ධ සාසනයට එකතුවෙන උතුම් ස්වාමින් වහන්සේලාද ඈතුලුව තුන්කල් පහල වුන ආර්ය මහා සන්ඝරත්නය සිහිකරමින් සිදුකල අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලුම පුන්‍ය ධර්මයෝ මේ සදහා මෙම දෑලකින් කරන ලද කුටි 15ව (meditation net ) ලබාදුන් නවසීලන්තයේ පදින්චි ප්‍රශාන්ත සේනාරත්න අයියාටද , ඉන්දු පීරිස් අයියාටද, අප අතරින් වියෝවූ චරිත යාපා මිතුරාටද ඈතුලු දායකත්වය දෑරූ සියලුදෙනාටද , ධර්ම පුස්තක ලබා දුන් ධම්මික වීරා අයියාටද වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා .මෙවෑනි දෑලකින් කරන ලද කුටි අවශ්‍යතාවය තිබෙන විහාරස්තාන තිබේනම් ඒ පිලිබදවද , ඉදිරියටත් මෙලෙස දුෂ්කර වනසෙනසුන් තුල භාවනා සිදුකරන යෝගාවචරයන් වහන්සේලාලාගේ භාවනා කටයුතු සිදුකිරීම පහසුවීම පිනිස දෑලකින් කරන ලද කුටි(meditation net ) පූජා කිරීමට බලාපොරොත්තු වෙන් සිටින අතර මෙවෑනි පින්කම් සදහා සම්බන්ධ වීමට කෑමති පින්වතුන්ද ඒ පිලිබදවද මාහට දෑනුම් දෙන්න. තෙරුවන්සරණයි! නමෝබුද්ධාය! සාදු සාදු සාදු…….!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.