රුපියල් ලක්ෂ්‍ය පහක මුදලක් සම්බන්ද කර දෙමින් දුශ්කරවූත් අතීශය මනරම්වූත් මුඩගල අරිසිතුම් තපෝ අරණේ පින්වත් ස්වාමින් වහන්සේලාගේ පරිහරනය සදහා වටිනා ත්‍රීරොද රථයක් කලණ මිතුරන් හා එක් වී අප සෑමට ඉතාමත් ශ්‍රද්ධාවෙන් 2016.12.18 වන දින පූජා කරගෑනීමට හෑකිවුනා.පදියතලාව පසුකර යනවිට හමුවන මහඔය ප්‍රදේශයේ වරාපිටිය ගම්මානයේ දේවානම් පියතිස්ස රජ දවස ඉදිවූ අතීතයේ රහතන් වහන්සේලා දස දහස් ගනනින් වෑඩ සිටි වර්තමාන මුඩගල අරිසිතුම් තපෝඅරණ වෙත පසුගිය දිනක කලනමිතුරන් සමගින් අප පියනෑගි අවස්තාවේ අපට දෑක ගනීමට ලෑබුනේ මෙම තපෝ අරණ වනයට වන්නට පිහිටා ඈති හෙයින්ද ගම්මානයේ කෙරවලට වන්නට පිහිට ඈති හෙයින්ද ස්වාමින් වහන්සේලාට රෝගාතුර වූ අවස්තාවන්හිදි උන් වහන්සේලාට රෝහලකට වෑඩම කිරීම සදහා වාහනයක් නොමෑතිවීම හේතුවෙන් දුශ්කරතාවයන් රාශියකට මුහුන පාන බවක්ය.
ඉතින් මේ ගෑටලුවට ස්තීර විසදුමක් ලෙසත් සංඝෝපස්තානයක් ලෙසත් සිතමින් උන් වහන්සේලාට ගමන් පහසුව සලසාදීමේ ශ්‍රද්ධා සිතිවිලි පෙරදෑරිකරගනිමින් අප අදහස් කරා මෙම විහාරයට ඉතාමත් වටිනා ත්‍රීරෝද රථයක් පූජා කිරීමට, ඉතින් මේ පිලිබද පසුගිය සතියේ දෑනුවත් කල පසු මේ සදහා ලෑබුනු ඉක්මන් දායකත්වය හේතුවෙන් අපට පසුගිය ඉරුදින මෙම අසිරිමත් පින්කම ඉතාමත් සාර්තකව සිදුකරගෑනීමට අප සෑමට හෑකිවුනා.
මෙහි ස්වාමින් වහන්සේලා දෑනට 5 නමක් පමන වෑඩ වාසය කරන අතර මෙම ආරණ්‍යට පිටතින් පවා නිරන්තරයෙන් ස්වාමින් වහන්සේලා වෑඩම කරන නිසාවෙන් මේ දුශ්කරතාවය සම්පූර්ණයෙන් විසදා දෙමින් ආරණ්‍යයේ හිමිවරුන් උදෙසා ගමන් පහසුව සලසා දී උන් වහන්සේලාට සුවසේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම පහසු කිරීම සදහා ඈප කෑප වෙමින් ලක්ශ්ය 5 මුදලක් දරමින් වටිනා ත්‍රීරෝද රථයක් පූජා පින්කමෙන් ජනිත් වූ සියක්ලූම පුන්‍ය ධර්මයෝ මෙම පින්කම සිදුකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර චීන්යේ පදින්චි මහින්ද අයියාටද මිහිරි අක්කාටද තෙවිනි නිශක්යා දියනියටද එමෙන්ම කටාර්හි පදින්චි මදූක අයියාටද එම පවුලේ සියලුදෙනාටද ,චමීර අයියාටද,තිලිනි නදීරා අක්කාටද.ඉතාලියේ පදින්චි ශ්‍රියානි මල්ලිකා අක්කාටද.කෑනඩාහි පදින්චි ජීවා අක්කාටද ,නිමාශ් මල්ලිටද ,නීලෝකා අක්කාටද සින්ගපූරුවේ පදින්චි චතුරන්ග අයියාටද මෙන්ම මෙම පින්කම සදහා මා සමග පෑමිනි පිවත් කළණ මිතුරු පසන්,එරන්ග,ඉසුරු,තේජිත්,අමිල,අන්ජන,රාජිත,සුපුන්,දිලුම්,ගයාන් ඈතුලු වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද පින්කෑමති සියල්ලන්ටද මෙම පින්කම නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා.මෙම වාහනය අර්ය මහා සංඝරත්නයේ හිතසුව පිණිසම බොහෝ කාලයක් පවතීවා!තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! සාදු සාදු සාදු…….!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.