ජය ශ්‍රී මහා බෝ සමිඳු සමගින් අශෝක අධි රජු විසින් අප දේවානම්පියතිස්ස නිරිඳුන්ට ලැබූ තුටු පඬුරකි.
▪️අහං රජ්ජේන තික්ඛත්තුං – මහාබෝධිමපූජයිං
ඒවමේවාභිපූජේතු – රාජා රජ්ජේන මේ සඛා
” මං තුන් වතාවක්ම දඹදිව මහා රාජ්‍යයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිදුවා. ඒ අයුරින් ම මාගේ හිතමිත්‍ර දේවානම්පියතිස්ස රජ්ජුරුවොත් ලංකා රාජ්‍යයෙන් මේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පුදාවා ! “
▪️ඉදං වත්වා මහාරාජ – තීරේ පඤ්ජලිකෝ ඨිතෝ
ගච්ඡමානං මහාබෝධිං – පස්සං අස්සූනි වත්තයි
මේ විදිහට කියූ ධර්මාශෝක මහ රජ්ජුරුවෝ බෝධීන් වහන්සේට වන්දනා කරගෙන මුහුදු තීරයේ සිටගෙන සිටියා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹදිව අත්හැර ලංකාදීපය බලා නැවෙන් වඩිනවා දකිද්දී කඳුළු වැගිරෙව්වා.
▪️මහාබෝධි වියෝගේන – ධම්මාසෝකෝ සසෝකවා
කන්දිත්වා පරිදේවිත්වා – අගමාසි සකං පුරං
අන්න මාගේ දසබල තථාගතයන් වහන්සේ ගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හිරු මඩලක් සේ රශ්මි ධාරා විහිදුවමින් වඩින අපූරුව අන්න බලාපල්ලා කියමින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ වෙන්වීමෙන් ශෝකයට පත් ධර්මාශෝක මහරජ්ජුරුවෝ නොයෙක් අයුරින් බුදු ගුණ කිය කියා හඬ හඬා වැලපී පාටලීපුත්ර නගරයට ගියා.
මහාවංශය ඇසුරෙනි –
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.