මේ සoසාර ගමනේ නිමාවක් සොයමින් නිසරු ගමන නිමාවක් කරමින් අමුර්තයක් බදුවන් නිවන් මග වඩන වනය තුල හුදකලාව විවෙකී සුවයෙන් නිවන අරමුනු කරගනිමින් බවුන් වඩන ස්වාමින් වහන්සේලා වාසයකරන අයුරු දෑක මගේ හිතට ඈතිවූයේ මහත් ප්‍රීතියකි.උන් වහන්සේලගේ එම ගමනට අපට අත්වෑලක් වන්නට ඈත්නම එය කොතරම් වාසනාවක්ද ,කොතරම් පිනක්ද,අනුරාධපුර ප්‍රදේශයේ වනලෑහෑබකට වන්නට වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා අසිරිමත් පින්කම්ක් සිදුකරගැනීමේ වාසනාව පසුගිය දිනක අප සෑමට උදා වුනා.විහාරස්තාන දහසක් ගොඩනගා සසුන්කෙත අස්වෑද්ද වීම යටතේ සිව් දිශාවෙන් වඩින ආර්ය මහා සOඝ රත්නය සිහිකර උන් වහන්සේලා උදෙසා අපගේ සියතින්ම මැටිකුටියක් සැකසීමට අපට හැකිවූවා.මෙම මෑටිකුටිය පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා අව් වැසි මැසි මදුරු උපද්‍රවයන් ගෙන් තොරව සුවසේ බවුන් වඩා නිවන් මග සම්පූර්ණ කිරීම පිණිසම හේතූ වෙවා.මෙම මැටිකුටිය සැකසීමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම මැටි කුටිය සැකසීම පිණිස මූල්‍යමය දායකත්වය දෑරූ පින්වත් මහේෂ්වරී මෑණියන්ටද ,එම මෑණියන්ගේ මිතුරියටද ,බහමාස් හි පදින්චි පින්වත් තිලිනිකා ජයසූරිය අක්කාටද,මෙම අසිරිමත් පින්කමට මා සමග කාය පූජාවෙන් සම්බන්ද වූ මාගේ කළ්‍යාණ මිත්‍ර අන්ජන, රාජිත, මිහිදුකුල, ලහිරු ඇතුලු වචනයෙන් පවා උපකාර කල සියලුදෙනාටද දෑක බලා අනුමෝදන් වූ සියලු පිරිසටද පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා.,අප සෑමගේ මෙම කාය පුජාව ඒ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ආර්ය් පුත්‍ර වූ මහා සඝ රුවන උදෙසාම වේවා…….දුශ්කර විහාරස්තානයන්හි පවතින කුටි සෙනසුන්හි අවශ්‍යතා සදහා අප ඉදිරියටත් මැටි කුටි සැකසීමට කැමැත්තෙන් සිටිමු එවැනි මැටි කුටි අවශ්‍ය විහාරස්තාන තිබේනම් ඒ පිලිබද අප හට දෑනුම් දෙන්න.
තෙරුවන්සරණයි …නමෝබුද්ධාය….සාදු සාදු සාදු…….
Leave a Reply
Your email is safe with us.