සංසාර ගමනේ නිමාවක් සොයමින් නිසරු ගමන නිමාවක් කරමින් අමුර්තයක් බදුවන් නිවන් මග වඩන වනය තුල හුදකලාව විවෙකී සුවයෙන් නිවන අරමුනු කරගනිමින් වැඩ වාසය කරන පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේ නමක් උදෙසා මැටි කුටියක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්තාව 2017.10.08 වන ඊයේ දිනයේ අප හට උදා වූවා.හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ වැඩ වසන වසර 22 පුරා දිවයිනේ නොයෙක් ප්‍රදේශ වල ගල් ලෙන් ආරාම ආරන්ය වල වැඩ වාසය කල මෙම පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේ උදෙසා අප ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව මෑටි කුටිය සකස් කිරීමේ කටයුතු සීදු කලා.විහාරස්තාන දහසක් ගොඩනගා සසුන්කෙත අස්වෑද්ද වීම යටතේ සිව් දිශාවෙන් වඩින ආර්ය මහා සOඝ රත්නය සිහිකර උන් වහන්සේලා උදෙසා අපගේ සියතින්ම මැටිකුටියක් සැකසීමට අපට හැකිවූවා.මෙම මෑටිකුටිය අනගාරිකා මෑණියන් වහන්සේ උදෙසා අව් වැසි මැසි මදුරු උපද්‍රවයන් ගෙන් තොරව සුවසේ බවුන් වඩා නිවන් මග සම්පූර්ණ කිරීම පිණිසම හේතූ වෙවා.මෙම මැටිකුටිය සැකසීමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මේ පින්කමට මා සමග පෑමිණි මාගේ කල්‍යාණ් මිතුරන් 30 දෙනාටද ඇතුලු වචනයෙන් පවා උපකාර කල සියලුදෙනාටද දෑක බලා අනුමෝදන් වූ සියලු පිරිසටද පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා.,අප සෑමගේ මෙම කාය පුජාව ඒ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ආර්ය් පුත්‍ර වූ මහා සඝ රුවන උදෙසාම වේවා…මෙම මැටිකුටියේ වැඩ කටයුතු ඉතිරිව ඇති බැවින් අටමහා කුසලයක් වන මේ උතුම් පින්කමට සහභාගී වීමට ඕනැම අයකුට ඉදිරිපත් විය හැක.දුශ්කර විහාරස්තානයන්හි පවතින කුටි සෙනසුන්හි අවශ්‍යතා සදහා අප ඉදිරියටත් මැටි කුටි සැකසීමට කැමැත්තෙන් සිටිමු එවැනි මැටි කුටි අවශ්‍ය විහාරස්තාන තිබේනම් ඒ පිලිබද මෙවෑනි පින්කම් සදහා අප හා සම්බන්ද වීමට කැමති කලන මිතුරන් සිටීනම් අප හට දෑනුම් දෙන්න
තෙරුවන්සරණයි …නමෝබුද්ධාය…සාදු සාදු සාදු…….
Leave a Reply
Your email is safe with us.