ඉතා අසිරිමත් පිනක් පසුගිය දිනක කලණ මිතුරන් හා එක් වී සිදුකරගෑනීමට අප සෑමට වාසනාව උදාවුනා.අනුරාධපුරය පසුකර මිහින්තලය හරහා රන්පත් විලට පැමිණ එහි සිට 5කිමි පමණ ගිය විට හමුවන හෙට්ටිකට්ටිය ගම්මානයේ පිහිටි පුරාණ තම්මැන්නාකන්ද රජමහා විහාරස්තානයට ජල පෙරණයක් පූජා කරමින් විහාරස්තානයේ පෑවති ජල ගෑටලුව විසදා දීමට අපට හෑකියාව උදා වූවා. අනුරාධපුර මුල් යුගයේ ඉදිවී ඇති මෙම විහාරස්තානයේ විශේෂත්වය වන්නේ ඉන්දියාවේ සාන්චි ස්තූපයට සමාන ඉපැරණි ස්තූපයක් පිහිටා තිබීමත් හා පඩි 218 සහිත පිහිටි ගලෙන් නිර්මිත ගල් පඩිපෙලක් පිහිටා තිබීමත්ය , රහතන් වහන්සෙලා වැඩ සිටි ඉපැරණි ගල්ලෙන්ද මෙහි දෑක ගත හැකි අතර අවුරුදු 1200ක් ඉපැර්ණි බුදු පිලිම වහන්සේ නමක්ද මෙම විහාරයේ දැක ගත හැක ,.මෙම තම්මැන්නකන්ද විහාරයේ පින්වත් ස්වාමින් වහන්සේලාට පානය කිරීමට ඈත්තේ ඉතාමත් නුසුදු පාරිබෝජනයට ගත නොහෑකි අදික රසායනික සාන්ඩ්රනයකින් යුත් අදික කිවුල් සහිත ජලයයි.පොහෝ දිනට මෙන්ම දිනපතාම බෝධි පූජා ස්තූප වන්දනා පෑවෙත්වීමට මෙන්ම පින්වත් ස්වාමින් වහන්සේලාට උපස්තාන කිරීමටත් භාවනා කටයුතු සිදුකිරීමටත් බොහෝ සෑදෑහෑවතුන් පිරිසක් මෙම විහාරයට පෑමිනෙන අතර මෙම සෑදෑහෑවත් පිරිසටද පානය කිරීමට ඈත්තේ මෙම පාරිබෝජනයට නුසුදුසු ජලයයි,මෙම ජල ගෑටලුවට ස්තීර විසදුමක් ලෙස වටිනා ජල පෙරනයක් (Water Filter ) පූජා කිරීමට පසුගිය සතියේ අපසෑම අදහස් කරා.උතුම් ස්වාමින් වහන්සේලා වීර්ය වඩන සිල්ගුනදම් රකින මෙම විහාරස්තාන හුදකලාවී වල්බිහිවීමට ඉඩ නොදී මෙම විහාරයේ වෑඩ වාසය කරන පින්වත් ස්වාමින් වහන්සේලාට සුවසේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමටත් ,සෑදෑහෑවත් මිනිසුන්ගේ වන්දනා මානයට පත්‍ර වී මෙම විහාරස්තාන පුද පූජවන් සිදුකෙරෙන ස්තාන බවට පත්වේවා යන අරමුන පෙරදෑරිව සිදුකළ මෙම අසිරිමත් ජලපෙරන (Water Filter ) පින්කම 2017.11.04 වන දින කළන මිතුරන් හා එකිවී සිදුකර ගෑනීමට අපට හෑකිවුනා.ජලපෙරනයෙන් ලබා ගත් පලමු පිවිතුරු පෑන් පූජාව විහාර මන්ධිරයටද ස්වාමින් වහන්සේලා සමගින් පූජා කලෙමු ,මෙම අසිරිමත් පින්කමෙන් රෑස්වූ සියලූම පුණ්‍ය ධර්මයෝ රු 40000 පමන මුදලක් සම්බන්දකරදෙමින් අසිරිමත් ජලපෙරන පූජා පින්කම සOවිදාන කල පින්වත් බුද්ධික හරිශ්චන්ද්‍ර අයියාටද ,රොශාන් අයියාටද ,සම්පත් අයියාටද, ඇතුලු පින්කෑමති සියල්ලන්ටම අනුමෝදන් කරන අතර සියලු පින් නිවන් අවබෝදය පිණිසම හේතු වේවා, අප සෑමගේ මෙම කාය පුජාව ඒ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ආර්ය් පුත්‍ර වූ මහා සඝ රුවන උදෙසාම වේවා.
තෙරුවන්සරණයි …නමෝබුද්ධාය…සාදු සාදු සාදු…….
Leave a Reply
Your email is safe with us.