යෝගාවචරයන් වහන්සේලගේ තෝතැන්නක් වූ මිහින්තලය කළුදියපොකුණ තපෝවනය දුටුවන්ගේ නෙත් සිත් වශීකෘත වන මනරන් හුදකලා පින් බිමකි.ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්යවන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරමින් ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගතකරමින් හුදකලාව බවුන් වෑඩීමට ඉතාමත් සුදුසු පින්බිමකි මෙය.සුන්දර වන ළැහැබකින් සමන්විත බැලු බැලු තැන රහතන් වහන්සේලා ගේ පාද ස්පර්ශ වූ මෙම භූමිය කාල බුද්ධරක්ඛිත මහා රහතන් වහන්සේ කළු පුරහද දිනයක ,කළු තිඹිරිය ගසක් යට, කළු දිය පොකුණ අසබඩ දී කාලකාරාම සූත්‍ර දේශනාව කළ පුණ්‍ය භූමියයි .දෙව් බඹ නා පිරිස එක් රොක් වෙමින් මෙම පුණ්‍ය භූමියේ බැලු බැලු තැන එදා ධර්මය ශ්‍රවණය කරන්න ඇති.කාල බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ ප්රමුඛ එම අරහත් පරපුරෙන් පැවත එන පින්වත් ස්වාමීන් වහන්සේලා අදටත් හුදකලාව විවේකී සුවයෙන් බවුන් වැඩීමට මෙම අසිරිමත් පින්බිම කරා නිරන්තරයෙන් වැඩම කරයි .ඉතින් පසුගිය දිනක මෙම පින්බිමේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වෙත උදෑසන හා දහවල් දානය් ඉතාමත් ශ්‍රද්ධාවෙන් කළණ මිතුරන් හා එක් වී පූජා කරගැනීමට අපට හැකි වූවා.මෙම පිංකම සංවිධානය කරමින් මේ සඳහා දිවා රෑ වෙහෙසෙමින් මූලිකත්වය ගෙන කටයුතු කර පින්වත් නදී චන්ද්‍රසේකර අක්කාටද ,ඇයගේ මවට හා පියාට ද, ඇතුළු එම පවුලේ සියලූම දෙනාට ද, අපගේ දෙමවුපියන්ට ද සියලු කල්‍යාණ මිත්‍රයන් ටද, මෙන්ම දායකත්වය දැරූ සුමාලි ඉඹුල්දෙනිය අක්කාටද , සිසිත දහම් ප්‍රිය අක්කාටද, ගයනි ලන්සකාර අක්කාටද මෙන්ම දැක බලා අනුමෝදන් වූ සියලු දෙනාටද පින් කැමති සියල්ලන්ට ද සිරිමත් දානමය පිංකමෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට හේතු වේවා, වාසනා වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය…
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.