බොහෝ කාලයක් ලක්ගල ආදී ඝන කැලෑවේ වෑඩ සිටිමින් හුදකලාව අල්පේච්ච ජීවිතයක් ගත කරමින් බවුන් වැඩූ වස් 50 සම්පූර්ණ වූ පින්වත් ඩෙන්මාර්ක් ඤාණදීප ස්වාමින් වහන්සේ වන්දනා කොට පිරිකර පූජා කිරීමට ලැබීමත් උන් වහන්සේ සමග ධර්ම සාකච්චා කිරීමට ලැබීමත් උන් වහන්සේට ධානය පූජා කිරීමට ලැබීමත් ජීවිතයේ මා ලද අසිරිමත් භාග්‍යක් විය,රැස් කරගත්තා වූ සියලූම පුණ්‍ය ධර්මයෝ පින්කමට සම්බන්ද වූ සියල්ලන්ටද , පින් කෑමති සියල්ලන් හටද මේ පින් අනුමෝදන් කරන්නෙමු,සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා.තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.