ලංකාව යනු කෙතරම් උත්තරීතර භූමියක්ද,අහස් ගැබටත් ඉහලින් පිහිටියාක් මෙන් දිස්වන අතිශය රමණීය මෙම කබරගල වන සෙනසුන පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්රීකයේය .රත්නපුර තිරිවානාකැටිය පසුකර මාරපන ප්‍රදේශයට පැම්ණ කොලණි පාරේ පැමින ගම්මානය කෙලවර පිහිටි රමණීය කදුගැටය මුදුනේ පිහිටි මෙම අසිරිමත් ආර්ණ්ය දුටුවන්ගේ නෙත් සිත් වශීකෘතවන අතිශය සුන්දර වන සෙනසුනකි.මෙම වනසෙනසුන වලගම්බා රජ දවස දක්වාම දිවයයි.වලගම්භා රජු සැගව සිටි ස්තානයක්ද වුවද පසුකලෙක ආර්ය මහා සOග රත්නය වෙත පූජා කර ඇති බව ජන්ප්‍රවාදයේ සදහන් වේ.එමෙන්ම අතීතයේ රහතන් වහන්සේ ලා වැඩ සිටි ගල්ලෙන්ද දැක ගත හැක .පසුගිය දිනක මෙම වන සෙනසුනට පිය නැගි අවස්තාවේ අපට දැක ගැනීමට ලැබුනා මෙම් ස්තානයේ ඇති නිස්කලන්ක භාවය නිසාම මෙම වන සෙනසුන වෙත පිටතින් බොහෝ ස්වාමින් වහන්සේලා වැඩමකරන බවක් එමෙන්ම ආගන්තුක ස්වාමින් වහන්සේලා සදහා වැඩ සිටීමට කුටියක් නොමැති වීම ප්‍රදාන ගැටලුවක් බව දුටු අප අදහස් කරා මෙම ආරණ්‍යට ස්තීර කුටියක් සකසා දීමට .මේ සදහා ඩුබායි හි පින්වත් චරිත් අයියාගේ මූලිකත්වය ලැබීම හේතුවෙන් ඉතා ඉක්මනින් මෙහි වැඩ කටයුතු ආරම්භ කිරීමට අපට හැකි වූවා.13 14 යන ඊයේ පෙර්දා දවස් දෙක පුරාවටම අපගේ පින්වත් මිතුරද කැටුව මෙම කුටිය සැකසෙන ස්තානය පිරිසිදුකර අවශ්‍ය වලවල් කපා එයට අවශ්‍ය කොන්ක්‍රීට් යොදා ,කම්බිද සිටුවා කුටියේ මූලික අත්තිවාරම යෙදීමට අපට හැකිවිය.පහල සිට කදු ගැටය දක්වා ගල් ,වැලි සිමෙන්ති ජලය හා යකඩ කම්බි ගෙන එමින් සඝ ගුණ සිහිකරමින් අප සරණ ගිය ආර්ය් පුත්‍ර වූ මහා සOඝ රත්නය වෙනුවෙන් කාය පූජාවක් සිදුකිරීමට හැකිවූවා .දින දෙකක් පුරාවට කුටි සැකසීමට සම්බන්ද වීමෙන් ජනිත වූවාවූ සියලූම පුණ්‍ය ධර්මයෝ මේ සදහ මූලිකත්වය ගත් පින්වත් චරිත් අයියාටද,එමෙන්ම මේ සදහා දායකත්වය දැරූ මහේෂ් මහතාටද ,චතුරන්ග රත්නායක අයියාටද,සමින්දනී අක්කාටද,නිරෝශා අක්කාටද,නිලූෂා අක්කාටද,ජීන් නැන්දාට හා මහතාටද දනුක හා සOඛ මිතුරාටද
ඇතුලු පින්කැමති සියල්ලන්ටද මෙන්ම මේ සදහා මා සමග පැමිනි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාටද මෙන්ම පින්කැමති සියල්ලන්ටද මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයො පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා. නැවතත් මේ සදහා ශ්‍රම දායකත්වය ලබා දීම සදහා නොබෝ දිනකින් පිටත් වීමට අප අදහස් කර තිබෙන අතර මේ සදහා ශ්‍රම දායකත්වය ලබා දීමට කැමති පින්වතුන් ඒ පිලිබද හා අප හට දැනුම් දෙන්න
තෙරුවන්සරණයි…. නමෝබුද්ධාය…සාදු සාදු සාදු….
Leave a Reply
Your email is safe with us.