මැදවච්චිය මොරගොඩ ශ්‍රී සුගත වර්ධනාරාම විහාරස්ථානයේ ආනන්ද බෝධින් වහන්සේ රෝපණය කිරීම සඳහා නෙල්ලිගල ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ සිට ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව ආනන්ද බෝධීන් වහන්සේ වැඩම කිරීමේ පින්කම සිදු කර ගැනීමට පසුගිය දිනක අප හට හැකි වූවා.දිනය පුරා බෝධීන් වහන්සේ සුවසේ වැඩම කරවීමෙන් බෝධීන් වහන්සේ උදෙසා වත්පිළිවෙත් සිදු කිරීමෙන් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කිරීමෙන් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සදහා අවවාද අනුසාසනා ලබා දෙමින් මෙම බෝධීන් වහන්සේ පූජා කල පින්වත් වතුර කුඹුරේ ධම්ම රතන ස්වාමින් වහන්සේටද ,මෙම පිංකම සඳහා අපව සම්බන්ධ කර ගත් පින්වත් මොරගොඩ මේධාලංකාර ස්වාමීන් වහන්සේට ද එමෙන්ම මධුසංඛ හා සෙව් රOග අයියා ඇතුළු සියලු පිරිසටද ,මෙම පිංකම සඳහා මා සමඟ පැමිණි සියලු කල්‍යාණ මිත්‍රයන් ට ද මේ සඳහා ගමන් පහසුකම් සදහා දායකත්වය දැරූ පින්වත් වජිසා අක්කා මෙන්ම පින් කැමති ඔබ සියලු දෙනාටද මේ සියලු පුණ්‍ය ධර්මයෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස ම උපකාර වේවා,එමෙන්ම හෙට(2019.01.15) දින මෙම ආනන්ද බෝධීන් වහන්සේ මොරගොඩ ශ්‍රී සුගත වර්ධනාරාම විහාරස්ථානයේදී ආර්ය මහා සංඝරත්නය පෙරටු කරමින් රෝපණය කිරීමේ පිංකම සිදු වන අතර එම අසිරිමත් පින්කම සඳහා පින් කැමැත්තෝ හෙට උදෑසන අසිරිමත් පින්කම වෙත පැමිණෙත්වා…
සසුන් කෙත අස්වද්දමු පින්කම් සදහා සම්බන්ද වීමට එක් වන්න අප සමග
අමතන්න ඉසුරු 0715945477















Leave a Reply
Your email is safe with us.