ඉතාමත් අසිරිමත් පින්කමක් සිදුකරගැනීමට අපට පසුගිය දිනක හැකි වූවා.මාවනැල්ල පසුකර හෙම්මාතගමට පැමින හෙම්මාතගම ඔස්සේ අශෝකපුර හරහා උඩතබවින්න ප්‍රදෙශයට 6කි මි පමන පැමිණි විට හමුවන අතීශය මණරම් සදහම් පියස ආරණ්‍ය සේනාසනයේ පින්වත් ස්වාමින් වහන්සේලාට අදික ගැටලුවන් වී පවතින ජල ගැටලුව සදහා ස්තීර විසදුමක් ලබා දීමට අපට හැකි විය .මෙම ආරණ්‍ය වෙත දැනට ජලය ලැබීම සිදුවන්නේ 3 කි මි පමන දුරින් පිහිටි කන්දක් මුදුනේ පිහිටි ජල උල්පතකිනි,ඌරන් හා හාවුන් වැනි වන සතුන්ගේ ක්‍රියාදාමයන් හේතුවෙන් මෙම ජලය ගෙන එන ජල නල පද්දති සියල්ලම අක්‍රමවත් වී විනාශ වී පැවතිනි .ඒ හේතුව නිසා මේ සදහා විදිමත් ජල නල පද්දතියක් ලෙස ක්‍රමානුකූලව වලවල් හාරා සිමෙන්ති යොදා අගල් දෙකේ බටද ,අගලේ බටද හා අගල් බාගයේ බටද යොදමින් ක්‍රමවත් ජල නල පද්දතියක් සකසා පූජා කිරීමට අපට හැකි විය. රු 60,000ක පමණ මුදලක් සම්බන්ද කරමින් සිදුකල මෙම අසිරිමත් දුර්ලභ පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මේ පින්කම සදහා රු 50,000ක මුදලක් සම්බන්ද කර දී මූලිකත්වය ගෙන කටයුතු කල පින්වත් දිනූශිකා අක්කාටද ,දිනූ අක්කාගෙ මවද ,සිනෙත් , ලක්මාලි , මේනකා හා අජිත්ද ලක්මාලි ඇතුලු සියලු මිතුරන්ද, එමෙන්ම මේ සදහා දායක වූ චතුරන්ග අයියාටද , ජනක පී අයියාටද ,පින්කම සම්බන්ද කර දීම සිදුකල රුවන් චමරටත් මෙන්ම මේ සදහා මා සමග මේ පින්කමට සම්බන්ද වූ ප්රිමල්.චන්ද්‍රසිරි,මිහිදුකුල,හා අOජන ඇතුලු සියලු දෙනාටද ,එමෙන්ම ගම් වැසියන්ටද ,පින්කැමති සියල්ලන්ටද මෙත් සිතින් යුක්තව පුණ්‍යාණුමෝදනා කරමි. මෙම අසිරිමත් ජල පූජාව අප සරණගිය ආර්ය මහා සOඝ රත්නය උදෙසාම වේවා,පින්වත් ස්වාමින් වහන්සේලාට නිදුක් නිරොගී බාවය ලැබී ආර්ය මාර්ගයේ ගමන් කිරීම උදෙසාම මේ අපගේ ජල පූජාව හේතූ වේවා වාසනා වේවා,,තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.