බොහෝ කලකට පසු නැගෙනහිර පළාත ම ඒකාලෝක වූ සුන්දර දිනයක් උදා වූවා. පින්වත් ස්වාමීන් වහන්සේලා පනස් නමක් පෙරටුකරගෙන අසිරිමත් ධාතූන් වහන්සේලා නැගෙනහිර පළාතට වැඩම කරනු ලැබූයේ මල් වරුසා මධ්‍යයේය. හුදෙක් ජනයාගේ චිත්ත සන්තානය තුළ පින් සිතුවිලි ජනිත කරමින් බැලු බැලු තැන නළලට අත තබා වන්දනා කරමින් සාදූ කාර දෙමින් බොහෝ කාලයකට පසු දැකගැනීමට හැකි උත්තරීතර දර්ශනයක් දැක ගැනීමට නැගෙනහිර පළාතේ දහස් ගණන් පින්වත් පිරිස සැදී පැහැදී සිටීයේ පිනෙන් පිරී ගිය සතුටු කඳුලු වපුරමින්මය. හේවිසි පූජා , ශබ්ද පූජා , අනේකවිධ නර්තනයන්ගෙන් දා කරඬුව උන්වහන්සේ හරසර සහිතව පිළිගනිමින්, බුදුරජාණන් වහන්සේගේ මෙන්ම මහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරඬුව වැඩම කළ පිටුපස ආර්ය මහා සංඝරත්නය මුතුකුඩ මධ්‍යයේ පාවඩ සහිතව වැඩම කරමින් අසිරිමත් ලෙස පින්කම සිදුවිණි. ඉන්පසු සුවසේ ධා කරඬුන් වහන්සේ මණ්ඩපයේ වඩා හිඳුවා පින්වත් මිනිසුන් හට ධාතූන් වහන්සේලා වන්දනා කිරීමේ දුර්ලභ අවස්ථාව උදා කර දීමට අපට හැකිවිය. අන්‍යාගමික පරිසරයක් මධ්‍යයේ වුවද අපට මෙම පින්කම දෙවිවරුන්ගේ ආශිර්වාද මධ්‍යයේ ඉතා සාර්ථකව කර ගැනීමට හැකිවිය.
මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම ධර්මයෝ “දහසක් විහාරස්ථාන ගොඩනගා සසුන් කෙත අස්වද්දමු” තේමාව යටතේ සාසනයට සේවාවක් කිරීමට අරමුණු කරමින් ගමන් කරන අපට මෙම පින්කම සම්බන්ධ කර දුන් පුල්මුඩේ ඛනිජවැලි සංස්ථාවේ සියලුම සේවක මණ්ඩලයට ද , අරිසිමලේ සේනාසනාධිපති පින්වත් පනාමුරේ තිලකවංශ ස්වාමීන් වහන්සේ ,කාශ්‍යප ස්වාමීන් වහන්සේ ,ශාන්ත බෝධි ස්වාමීන් වහන්සේ , කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ඇතුළු පැමිණ වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාට ද , විශේෂයෙන් නිලන්ත අයියාට ද , මේ සඳහා ගමන් පහසුකම් දැරීමට සම්බන්ධ වූ අමිල අයියා , ඉසුරු වීරසූරිය ඇතුළු නම් සඳහන් කළ නොකළ ඒ සියලු පිරිසට ද , දැක බලා අනුමෝදන් වූ සියලූම දෙනාට ද , වචනයෙන් පවා උපකාර කළ සියලු පිරිසට ද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාට ද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝධ වීමට උපකාර වේවා !
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.