දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ දිවා ගුහා රජ මහා විහාරස්ථ ශ්‍රී චන්දරතන ඉංග්‍රීසි මාධ්‍ය මූලික පිරිවෙණ වෙත මූලික අඩු පාඩුවක් වී තිබූ ත්‍රිපිටක පොත් වහන්සේලා ඉතාමත් ශ්‍රද්ධාවෙන් කලණ මිතුරන් සමග එක්වී පූජා කිරීමට අප සැමට හැකි වූවා.ධර්මදර , විනය ධර, ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා රට ධර්මයෙන් සුපෝෂනය කරමින් ධර්මය ප්‍රචලිත කිරීමට යන ගමන් මාර්ගය තුළ පිරිවෙන් අධ්‍යාපනයට හිමිවන්නේ මූලික ස්ථානයකි . එමනිසා ශ්‍රී ලංකාව තුළ අද වනවිට පිරිවෙන් අධ්‍යාපනයට මූලික තැනක් හිමිවිය යුතු වුවත් අත් වී ඇති ඉරණම වන්නේ පිරිවෙන් අධ්‍යාපනය දිනෙන් දින කඩා වැටීමයි .මේ හේතු නිසාම අනාගත පරපුර උදෙසා ධර්මධර භික්ෂූන් වහන්සේලා බිහිකිරීමේ අරමුණින් දිවා ගුහා විහාරස්ථ පින්වත් රාස්සගල චන්දකිත්ති ස්වාමීන් වහන්සේ මූලිකත්වය ගෙන ශ්‍රී චන්දරතන ඉංග්‍රීසි මාධ්‍ය මූලික පිරිවෙණ මගින් අසිරිමත් ශාසනික සේවාවන් බොහෝමයක් කරමින් පවතී . මෙහි වැඩවාසය කරන 60 නමකට ආසන්න පොඩි ස්වාමීන් වහන්සේලා උදෙසා උදෙසා මූලිකම අඩුපාඩුව වී පැවති බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් වදාල ඒ ශ්‍රී සද්ධර්මය අන්තර්ගත වූ ත්‍රිපිටක පොත් වහන්සේලා ගේ අඩුව පුරවාලමින් බොහෝ දෙනකු ගේ හිත සුව පිණිස අප කලණ මිතුරන් එක්වී බුදුගුණ සජ්ඣායනා කරමින් මෙම පිරි වෙන වෙත ඊයේ දිනයේ ත්‍රිපිටක පොත් වහන්සේලා පූජා කළෙමු.මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලු පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම අපට සම්බන්ධ කර දෙමින් අපවන්ටද, නිරන්තරයෙන් පින් කර ගැනීම සඳහා උපකාර කරන පින්වත් කලවැල්ගල විමලචන්ද්‍ර හිමියන්ටද , රාස්සගල චන්දකිත්ති ස්වාමීන් වහන්සේටද මෙම පිංකම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ චීනයේ පදිංචි මිහිරි අක්කාටද ඇයගේ දියණිය වන තෙවනි දුවට ද එම පවුලේ සියලුම දෙනාට ද , එංගලන්තයේ පදිංචි පින්වත් දිලිනි වීරමන් අක්කාටද එමෙන්ම සුරේෂ් අයියා, කාලිංග අයියා ඇතුලු සියලු හිතමිතුරන්ට ද . දැක බලා අනුමෝදන් වූ සියලු දෙනාටද පින් කැමති සියල්ලන් හට ද, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස ම මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා,මෙම අසිරිමත් ත්‍රිපිටක පොත් වහන්සේලා බොහෝ දෙනකු ගේ හිත සුව පිණිස බොහෝ කාලයක් පවතීවා…
සාදු සාදු සාදු …තෙරුවන් සරණයි …නමෝ බුද්ධාය
Leave a Reply
Your email is safe with us.