දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අප තවත් විහාරයක් අස්වැද්දවීමට මූලික අඩිතාලම යෙදවීය ..ආණමඩුව ආඩිගම පසුකර ගල්කුලිය ගම්මානයට පැමිණි විට දෙවනපෑතිස් රජ දවස ඉදි වූ පුරාණ ලිහිණි ගිරි රජමහා විහාරය දැකගත හැකිය.දෙවනපෑතිස් රජු ඉදිකළ විශාල දාගැබක් හා විහාර මන්දිරයන්හි නටබුන් අදටත් මෙම විහාරයේ දැකගත හැකිය .එමෙන්ම ඉපැරණි බෝධීන් වහන්සේ ද මෙහි සුවසේ වැඩසිටි…සාමණේර භික්ෂූන් වහන්සේලා උදෙසා ධර්මය විනය උගන්වන මුළුමහත් ආඩිගම ප්‍රදේශයටම අසිරිමත් ශාසනික සේවාවක් සිදු වන මෙම ළිහිණි ගිරි රජමහා විහාරය ආඩිගම ප්‍රදේශය උදෙසා මිනිසුන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා ධාර්මික දිවි පෙවෙතක් වෙනුවෙන් සිදුකරන්නේ අසිරිමත් සාසනික සේවාවකි.මෙම විහාරයේ දැනට භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් පමණ වැඩ සිටින අතර පසුගිය දිනක අප මෙහි පිය නැගි අවස්ථාවේදී අපට විහාරයේ දැක ගැනීමට ලැබුණේ ස්වාමින් වහන්සේලාගේ පරිහරණයට ඉතාමත් අබලන් වූ දිරාපත් වී කැඩී බිඳීගිය වැසිකිලියක් ඇතිබවය .එමෙන්ම තවත් වැසිකිලියක් පිහිටා තිබූ නමුදු එම වැසිකිලිය ස්වාමීන් වහන්සේලා දොළොස් දෙනෙකු සඳහා ප්‍රමාණවත් නොවන නිසා අප අදහස් කරා මෙම ස්වාමීන් වහන්සේලා උදෙසා නව වැසිකිලියක් සකසා දී උන්වහන්සේලා ගේ සාසනික ගමනට උපකාර කරමින් මෙම විහාරස්ථානය වෙත උපකාර කිරීමට,එහි මූලික පියවර ලෙස නාන කාමරයක් සහ වැසිකිලියක් සැකසීමට අදාල මූලික කටයුතු අපගේ අතින්ම සම්පාදනය කර දී මෙහි අත්තිවාරමද අපගේ අතින්ම දැමීමට හැකිවිය .දිනය පුරාම කාය පූජාවෙන් රැස්කල සියලු පුණ්‍ය ධර්මයෝ මූලික වැඩකටයුතු සඳහා රු 45,000 පම්ණ මුදලක් සම්බන්ද කර දුන් මා කල්‍යාණ මිතුරන් වන :
ඉශානි රාජපක්ෂ්ය
ඉඳුරුව රවීන්ද්‍ර
සෙවරංග අයියා
තරිදු හා කෞෂල්‍යයා අක්කා
චතුරංග අයියා
හිරන්ත
ඇතුළු ඔවුන්ගේ හිත මිතුරන් සියලු දෙනාටද .එමෙන්ම අව් රශ්මිය පීඩා මධ්‍යයේ සඝ ගුණ සිහිකරමින් කාය පූජාවෙන් මෙම අසිරිමත් පිංකමට මා හා සමගින් සම්බන්ධ වූ පින්වත් නිරන්ත අයියාටද, රසික අයියාට ද, නන්දික අයියාටද, ශශික හටද , කුමාර අයියාටද, ඩිල්ශාන් ,ඩිලූශ ,අOජන ,මිහිදුකුල ,නුවන් අයියාටද ,ලහිරු,දුමිදු,ඉශාන්,ගයාන් ඇතුලු සියලු කල්‍යාණ මිතුරන්ටද මෙන්ම දැක බලා අනුමෝදන් වූ සියලු දෙනාටද පින් කැමති සියල්ලන්ට ද පිංකමෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට හේතු වේවා, වාසනා වේවා !
තෙරුවන් සරණයි … නමෝ බුද්ධාය…
Leave a Reply
Your email is safe with us.