පින්වත් වල්පොල ගොතම ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව ඉදිවන බවුන් පැලැස්ස උදෙසා අපටත් මැටි කුටියක් සැකසීම පිණිස සම්බන්ධ වීමේ දුර්ලභ අවස්ථාව දෙවන වරටත් පසුගිය දිනක උදා වූවා..පිළිවෙත් පුරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස උදෙසා ම ආර්ය මාර්ගයේ ගමන් කරමින් සුවපහසු ලෙස හුදෙකලා නිවන් මඟ වැඩීම සඳහා ම ඉදිවෙන මෙම බවුන්පැලැස්ස අනාගතයේ බෞද්ධයන්ගේ අධ්‍යාත්මික සුවය උදෙසා තැනෙන අසිරිමත් භූමියක් වනු නොවනුමානය , ගම්පහ ප්‍රදේශයේ බවුන් පැලැස්ස උදෙසා කලණ මිතුරන් සමගින් මැටි කුටියක් සකසා දීමේ මූලික වැඩකටයුතු 2018.2.17 -18 යන දිනයන් පුරා අප සැමට ඉතාමත් ශ්‍රද්ධාවෙන් සිදු කිරීමට හැකි වූවා .මෙම මැටි කුටිය සැකසීමෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මෙම පිංකම සඳහා අපව සම්බන්ධ කර ගත් පින්වත් වල්පොල ගෝතම ස්වාමින් වහන්සේට ද ,රුචිරා අක්කාටද ,දර්ශනී ජයසිංහ අක්කාටද ,චමීර එදිරිසිංහ අයියාටද හිරන්ත මදුසOක මිතුරාටද ,යශෝධා පතිරත්න අක්කාටද ඇතුලු පිංකමට උපකාර කළ සියලු කල්‍යාණ මිත්‍රයන්ටද පින් කැමති ඔබ සියලු දෙනාටම ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස ම මෙම පින උපකාර වේවා ..ඉදිරියට මෙම මැටි කුටිය සැකසීමේ කටයුතු සිදුවන බැවින් , පින් කැමති ඔබ සියලු දෙනාටම මැටි කුටිය සැකසීම සඳහා මෙත් සිතින් යුතුව ආරාධනා කරමු, අප අමතන්න.
තෙරුවන් සරණයි ….නමෝ බුද්ධාය ….සාදු සාදු සාදු
Leave a Reply
Your email is safe with us.