මහවැලි ගංගාවේ දකුණු දෙසින් සේරුවිල් ස්මීපයෙහි බුබුලාකාර කයිලාසකූට ප්‍රතිභාග ලළාට ධාතුන් වහන්සේ තැන්පත් අති දවල වූ දාගැබක් පිහිටන බව අපගේ බුදුරජාණන් වහන්සේ මෙම සේරුවිල මංගල මහා සෑ රජුන් පිහිටි භූමියට සපු මල් පූජා කරමින් වදාරණ ලද්දේ තුන් වන ලංකාගමනයේදීය.
බුදුරජාණන් වහන්සේ ප්රමුඛ 500 මහරහරතන් වහන්සේලා සමවත් සුවයෙන් වැඩ සිටි මෙම අසිරිමත් පුදබිම කාලයාගේ ඇවෑමෙන් වල් බිහි වී ගියත් 1925 දී පින්වත් දඹගස්ආරේ ශ්‍රී සුමේදන්කාර හිමිගේ මූලිකත්වය යටතේ සංරක්ෂණය වීම ආරම්භ විය.ඉන්පසු එතැන් පටන් දෙව්, බඹ නා පිරිසගේ වන්දනාමාන මධ්‍යයේ බොහෝ දෙනකුට හිත සුව පිණිස පින් රැස්කර ගැනීමට අවස්ථාව උදා කරමින් අදටත් මෙම අසිරිමත් සෑ රජුන් විරාජමානව වැඩ සිටී… දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අපට මෙම සේරුවිල සෑ රජුන් පිහිටි භූමියේ අසිරිමත් සල් උයනක් සකස් කිරීමේ දුර්ලභ භාග්‍යය පෙර පිනක් නිසාවෙන්දෝ අපට ඊයේ දිනයේ (2018.02.25) උදා වූවා.අක්කර දෙකක භූමි භාගයක් පුරාවට මෙම සල් පැල 100 හිටුවා මනාව සකස් කිරීමට අපට හැකි විය . දිවා රෑ පින් වැඩෙන මෙම අසිරිමත් පිංකමෙන් ජනිත වූ සියලු පුණ්‍ය ධර්මයෝ මේ පින්කම සඳහා අවස්ථාව උදාකර දුන් සේරුවිල විහාරාධිපති පින්වත් ස්වාමීන් වහන්සේට ද පින්වත් රතනසාර ස්වාමීන්වහන්සේටද බොහෝ කාලයක් වෙහෙස මහන්සියෙන් මේ පැළ සකස් කළ ආලෝකා මිතුරියටද ඇතුලු පවුලේ සියලු පිරිසටද ,එමෙන්ම අමිල මිතුරා ඇතුළු සියලු පිරිසටද මෙන්ම පින්කමට පැමිණි මාගේ සියලු කල්‍යාණ මිත්‍රයන් ටද මෙන්ම මේ සදහා මූල්‍යමය දායකත්වය දැරූ පින්වත් රාණි අක්කාටද, අයේශා මදුශානි, දර්ශන පෙරේරා, මනෝජා සිරිවර්දන අක්කාටද මෙන්ම දැක බලා අනුමෝදන් වූ සියලු දෙනාටද පින් කැමති සියල්ලන්ට ද සිරිමත් දානමය පිංකමෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට හේතු වේවා, වාසනා වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය…
ආරාම රෝපා වන රෝපා,
යේ ජනා හේතු කාරකා.
පපංච උදපානංච යේ දදන්ති උපස්යයා.
තේසං දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවත්තති
Leave a Reply
Your email is safe with us.