නැගෙණහිර පලාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ කුච්ච-වේලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පුල්මුඬේ ග්‍රාම නිලධාරි වසමේ අරිසිමලේ වෙරල තීරයට මුහුන ලා මෙම සුන්දර වන සෙනසුන පිහිටා තිබේ. තපස්සු -භල්ලුක වෙළෙඳ දෙබැයන් තථාගතයාණන් වහන්සේගේ කේශ ධාතු රැගෙන යාත්‍රා කරමින් සිට ගොඩබැසි ස්ථානය මෙම අරිසිමලය තොටුපොළ බවට හඳුනාගෙන ඇත. පසුව ඔවුන් එම කේශ ධාතු මීට කිලෝමීටර් 4 ක් දුරින් පිහිටි තිරියාය ප්‍රදේශයේ උස් කදු මුදුනක නිදන් කර ලොව පලමු චෛත්‍යය ගොඩ නගන ලදි. ඒ හේතු කොටගෙන විවිධ රජ දරුවන් විසින් මේ ප්‍රදේශය පුරාම බෞද්ධ සිද්ධස්ථාන රාශියක් ඉදිකල අතර ඒවායේ නටබුන් ප්‍රදේශය පුරාම විසිරී පවතී.අද අරිසිමලේ කන්ද වන සෙනසුන ලෙස හඳුන්වන පුරාණ අසිරිකන්ද රාජමහා විහාරය එලෙස නටබුන් වී ගිය තවත් එක් සමුද්‍ර විහාරයකි,මේ වන විට 30 කට ආසන්න භික්ෂූන් වහන්සේලා ප්‍රමානයක් නිවන් මග අරමුනු කරමින් මෙහි භාවනානුයෝගීව වාසය කරන අතර ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් කලින් කලට පැමිනෙන තම අධ්‍යාත්මික දියුණුව පමණක්ම අරමුනු කරමින් අප්රසිද්ධියේ බවුන් වඩන ස්වාමින් වහන්සේලාගේ සැඟවුණු විවේක ස්ථානයක් ලෙසද මෙම සෙනසුන භාවිත වෙයි. අරිසිමලය වන සෙනසුන මූලස්තානය කොට ගෙන මෙයට අනුබද්ධව ආරණ්‍ය 14ක් ඇති අතර මෙම අනෙකුත් ආරණ්‍ය බොහොමයක් පිහිටා ඇත්තේ වග වලසුන් අලි ඇතුන් පිරි මහ ඝන කැලෑවේය , ඉතින් බොහෝ වෙලාවට මෙම අනෙකුත් වනසෙනසුන් වෙත දානය , පිරිකර , අනෙකුත් ප්‍රත්‍ය ලැබෙන්නේ ඉතාමත් අඩුවෙනි, මේ හේතුව නිසා ආරණ්‍ය සියල්ලම වෙත අපට හැකි අයුරින් පිරිකර හා අවශ්‍ය වියලි ආහාර පූජා කිරීමට පසුගිය දිනක අපට හැකි වූවා..මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මේ සදහා පිරිකර ලබා දීමට මූලිකත්වය ගෙන කටයුතු කර බොහෝ වෙහෙස මහන්සි වූ පින්වත් නිරන්ත අයියාටද ,ඉශාර අයියාටද මෙන්ම මේ සදහා සම්බන්ද වූ පින්වතුන් සියලු දෙනාටද ,මෙම විහාර ආරක්ෂා කරමින් අසිරිමත් නැගෙනහිර ප්‍රදේශයේ අසිරිමත් සාසනික සේවාවක් සිදුකරන පින්වත් පනාමුරේ තිලක වOශ ස්වාමින් වහන්සේටද ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාටද ,පින් කැමති සියල්ලන් හටද නිවන් පිණිසම හේතූවේවා ,වාසනා වේවා, ඉදිරියටත් මෙලෙස දුශ්කර විහාරස්තාන වෙනුවෙන් පිනකම් සිදුකෙරෙන අතර ඒ සදහා ශ්‍රමයෙන් සම්බන්ද වීමට කැමති පින්වතුන් අප අමතන්න
http://www.wanaarana.lk/
Leave a Reply
Your email is safe with us.