දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අප මේ දිනවලදී ආර්ය මහා සOඝරත්නය වෙනුවෙන් පූජා කිරීම සදහා කුටි 4ක් සකස් කරමින් පවතී .ඒ අතරින් අපට දැඩි වෙහෙසක් මෙන්ම බිහිසුණු අත්දැකීම් රාශියක් එක්කල පින්කමක් වූයේ මෙම පුල්මුඩේ අරිසිමලයට අනුබද්ද මිහිදුලෙන ආරණ්‍යයේ ගල්ලෙනෙහි කුටිය සැකසීමයි,මන්දයත් මහා ඝණ කැලෑවේ වන සතුන් මද්‍යයේ මෙම වන සෙනසුන පිහිටා ඇති නිසා මෙය සැකසීම ඉතාමත් අසීරු කටයුත්තකි,නමුත් බුදුගුණ සිහි කරමින් සඝ ගුණ සිහිකරමින් අර්ය මහා සOඝ රත්නය වෙනුවෙන් කාය පූජාවෙන්ම දිවි හිමිය කැප කිරීම නිසාවෙන්දෝ අපට කිසිම සතෙකුගෙන් බාදාවක් ඇති නොවීය,පසුගිය දින අප යහලුවන් 30 දෙනකු පමණ සම්බන්ද වී ගල් ,වැලි , මැටල් සහ ගඩොල් උඩට ඇදීම සිදුකල අතර පසුගිය සතියේ අප කුටියේ පියස්ස තැනීම සදහා කණු නOවා පහලට අගල් 3ක් පමණ කොන්ක්‍රීට් යොදා,ගල්ලෙනෙහි ඇතුල සම්පූර්ණයෙන් තීන්ත ගෑම සිදුකර කුටියේ සැකසීමේ මද්යම සියලු කටයුතු සම්පූර්ණ කර දීමට අපට හැකිවිය,එමෙන්ම වැසිකිලිය සදහා වල කපා එයද සැකසීමට කටයුතු සම්පාදනය කලෙමු.බොහෝ බාදක මැද මෙම කුටිය සැකසීමේ දෙවන අදියර සිදුකරමින් පින්වත් ස්වාමීන් වහන්සේලාට වැඩ සිටීමට අවශ්‍ය කුටිය සහ අනෙක් පස වැසිකිලිය සැකසීමේ දෙවන අදියරේ කටයුතු සඝ ගුණ සිහිකරමින්ම සිදුකිරීමට හැකි වූවා,,මෙම අසිරිමත් කාය පූජාවෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සදහා අවවාද අනුශාසනා කල උතුරු නැගෙනහිර ප්‍රදාන සංඝනායක පූජ්‍ය පනාමුරේ තිලකවංශ ස්වාමීන වහන්සේටද , සසුන්කෙත අස්වද්දමු අප කලණ මිතුරු කැටුවේ සියලු සාමාජිකයන්ටද ,එමෙන්ම මේ වන විට රුපියල් 1,55,030 ක මුදලක් සම්බන්ද කර දෙමින් මෙහි වැඩකටයුතු සදහා මූලිකත්වය දැක් වූ පින්වත්
අමිල අබේසේකර
වජීසා අක්කා
දිනෝෂී අක්කා
දර්ශන අයියා
නදී අක්කා
මදූක අයියා
දර්ශනී
චතුරන්ග අයියා
ප්‍රභාෂ් දේවා
සුමාලි ඉඹුල්දෙනිය
මෙවන් දිසානායක
රුක්ශිනී ශිල්පා
ජීන් සන්ද්‍යා
සුනිලා මැණිකේ
දිනුශි
හිරන්ත
අකලන්ක ඉරේශාන්
ඈතුලු ,වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද රෑස්කල සියලු පින් මෙත් සිතින් යුක්තව අනුමෝදන් කරමි.සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝධ කිරීම පිනිසම හේතු වේවා..මෙම අසිරිමත් පින්කම අවසන් අදියර සදහා සම්බන්ද වීමට කැමති පින්වතුන් අප අමතන්න
Leave a Reply
Your email is safe with us.