ශාක්‍ය ආර්යයන්ගෙන් කෙනෙකු වූ රාමු ගෝණ කුමරු විසින් පිහිටුවන ලද ගෝණගම නුවර ඉපැරණි සිංහල ජනපදයේ පිහිටි අසිරිමත් මෙම සෙම්බිමලය වන සෙනසුන දුටුවන්ගේ නෙත් සිත් වශී කෘත වන අසිරිමත් පින්බිමකි,ත්‍රිකුණාමලය ඔස්සේ කුච්චවේලි පසුකර ගෝමරන්කඩවල දෙසට ඝණ කැලෑවේ 7කිමි පමණ ගිය විට හමුවන මෙම සෙනසුනේ ආරම්භය තපස්සු භල්ලුක වෙලද දෙබෑයන්ගේ යුගය දක්වා දිවයයි.කේශ ධාතූ තෑන්පත් ගිරිහඩු සෑය ඉදිවීමත් සමග මෙම භූමි එම විහාර ගොඩනැගීමට කාලානුරූපීව සOවර්ධනය වී ඈත, මෙහි සෑම බිම් අගලක් පාසාම වෙහෙර විහාර හා ඒවායේ නටබුන් දෑක ගත හෑකි අතර දැනට මෙම ආරණ්‍යයේ පින්වත් ස්වාමින් වහන්සේ නමක් වැඩ වාසය කරණ අතර අලි කොටි වලසුන් පිරි ඝණ කැලෑවේ මෙම ආරණ්‍ය පිහිටා ඇති හෙයින් මෙයට දානය ලබාදීම මහත් ගැටලුවක් වී පවතී .එමෙන්ම ස්වාමීන් වහන්සේට කැලෑව ඔස්සේ ගම්මානයට වැඩම කිරීමත් ඉතා දුෂ්කර වී පවතී,එම හේතූන් නිසා අප පින්වත් ස්වාමින් වහන්සේලාට දානය ලබාදීමත් හා උන් වහන්සේලාගේ උපස්තාන කටයුතු නිසි ලෙස සිදුකිරීම පහසු වීම පිණිස ගමන් පහසුව සලසා දීමේ අරමුණින් කැපකරුවෙක් යටතේ භාවිතා වන පරිද්දෙන් යතුරු පැදියක් පූජා කිරීමට හැකිවිය,බැලූ බැලූ තැන විහාරයේ නටබුන් දිස් වන ඉපැරණි විශාල ස්තූපයක්ද බෝධීන් වහන්සේ නමක්ද පිහිටා ඇති මෙම විහාරය කෙමින් කෙමින් වල් බිහිවෙමින් හුදකලාවන සමයක පින්වත් අරණ විහාරි ස්වාමින් වහන්සේ මෙම විහාර රැකගනිමින් ධර්මය ප්‍රගුණ කරමින් සුවසේ මෙහි වැඩ සිටී,මෙම විහාරස්තාන කෙරෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවදානය නොලැබීමනම් දුක් ජනක කරුණකි.මෙම අසිරිමත් පින්කම සිදුකර ගැනීමට ලැබීම ජීවිතයේ අප ලද භාග්‍යයක් ම යි.මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්යධර්මයෝ පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා දානය ලබා දීමට හා උපස්ථාන කිරීමේ අරමුණින් මෙම යතුරුපැදිය පූජා කිරීමෙ පිංකම සංවිධානය කර පින්වත් තිලිණි අක්කාටද ප්‍රබෝද අයියාටද මෙම යතුරුපැදිය පූජා කළ පින්වත් සරත් මහතාට ද ,එම නැන්දාට ද ඇතුළු එම පවුලේ සියලුදෙනාටද මෙන්ම ,මේ ගමනට අප හට පැමිනීමට මුදලින් උපකාර කර ප්‍රභාශ් දේවා ප්‍රභාෂ් දෙවා අයියාටද , පිංකමට සම්බන්ධ වූ සියලු දෙනාට ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම සියලු පුණ්යධර්මයෝ හේතු වේවා වාසනා වේවා.
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.