දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අපට තවත් අසිරිමත් සසුන් කෙතක් අස්වැද්ද වීමට හැකිවිය.සිව් දිගින් වඩින ආර්ය මහා සංඝරත්නය වෙත අසිරිමත් පින්කමක් සිදු කිරීමට අප අදහස් කළා .බණ්ඩාරවෙල කරදගොල්ල රක්ඛිතාකන්ද පුරාණ රජමහවිහාරය දුටුවන්ගේ නෙත් සිත් වශී කෘත වන වළගම්බා රජ දවස ඉදි වූ අසිරිමත් විහාරයකි .විහාරයේ ස්වාමීන් වහන්සේලා හතර නමක් පමණ වැඩ වාසය කරන අතර පවතින සුන්දරත්වය හේතුවෙන් ගන්තුක ස්වාමීන් වහන්සේලා හුදකලාව වැඩ වාසය කිරීම පිණිස මෙම විහාරයට නිරන්තරයෙන්ම වැඩම කිරීම සිදුකරයි.ඒ හේතුව නිසා පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා වැඩ වාසය කිරීමට කුටියක අවශ්‍යතාවයක් ඇති බව තේරුම් ගත් අපි තීරණය කරා කුටියක් සකසා පූජා කිරීමට. බොහෝ කාලයක් වෙහෙස මහන්සි වී සිදුකළ මෙම අසිරිමත් පිංකම පසුගිය දිනක ආර්ය් මහා සංඝරත්නයට අපගේ දෑතින්ම පූජා කරමින් අසිරිමත් පින්කම නිමාකර ගැනීමට හැකි වූවා.නිවන් මාර්ගය වඩන පින්වත් ආර්ය් මහා සංඝරත්නය හට අව් රශ්මියෙන්, වර්ෂාවෙන්,සුලගෙන් ආදී යම්තාක් පරිසරයෙන් ඇතිවන යම්තාක් බාධක ඇති නොවී මනාව ක්‍රමවත්ව අලංකාර ලෙස සකසන ලද මෙම කුටියේ වැඩ වාසය කරමින් සුවසේ බවුන් වැඩීම පිණිස ම මෙම කුටි සෙනසුන් පූජාව හේතු වේවා වාසනා වේවා.එමෙන්ම කුටියේ මනාව වහලය සකසා,සිවිලිම ගසා.වැසිකිලියක් සහිත නාන කාමරයක්ද සකසා, ගරු භාණ්ඩද සහිතව අර්ය මහා සංඝරත්නය වඩමවා අත පැන් වක්කොට කුටිය පූජා කීරීමට අපට හැකි වූවා…
මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ වූ සියලූම පුණ්‍ය ධර්මයෝ කුටිය සැකසීම සදහා මුදල් සම්බන්ද කර දී මෙම පින්කම මනාව නිමා කර ගැනීම සදහා සම්බන්ද වූ පින්වත් :
රන්දිමා ජයසිංහ
අරුණ ප්‍රියදර්ශන අයියාට හා මිතුරාට
දර්ශනී ජයසිංහ
දොස්තර මහේෂ් ප්‍රේමරත්න
ජීන් සන්ද්‍යා
චතුරන්ග රත්නායක
අසන්ක රාජපක්ෂ්ය
ප්‍රසාදිනී විතානගේ
යශෝදා පතිරත්න
චතුර ගම්හේවා ඇතුලු එම පවුලට
ජීවා මෙන්ඩිස්
දිනෝශී ලෙසි
හන්සි දිසානායක
නදී ගජනායක
ජනක පී ලියනගේ
චරිත් සිල්වා
රුක්ශිනී සහ ශිල්පා පිරිසට
මෙවන් දිසානායක
කල්‍යාණි තෙන්නකෝන්
මිලින්ද සේපාල
සුමාලි ඉබුල්දෙනිය
සිසිත දහම්ප්රිය
කල්‍යාණි ප්රඩිනෑන්ඩ්
තරිදු සහ ක්ව්ශල්යා
ඩිලෙන කල්පිත
සීලදාස ඉලන්දාරිදේව
චින්තක ගුණවර්දන
නිමල් අනුරුද්ධ
ඇතුළු පින්කමට සම්බන්ධ වූ සියලුම දෙනාට ද වචනයෙන් පවා උපකාර කළ සියලු පිරිසටද , පින්කමට සම්බන්ධ වූ සියලු කල්‍යාණමිත්‍ර පිරිසටද ,දැක බලා අනුමෝදන් වූ සියලු දෙනාට ද, පින් කැමති සියල්ලන්ට ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මෙම සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා වාසනා වේවා
තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය
Leave a Reply
Your email is safe with us.