දහසක් විහාරස්ථාන ගොඩනඟා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අප පසුගිය දිනක මිහින්තලය කටුපොත ආරණ්‍ය වෙත පිය නැගුයේ එම විහාරස්ථානයේ අඩුපාඩු සොයා දී එම විහාරස්ථානය වෙත අපට හැකි අයුරින් උපකාර කිරීමටය,දුටුවන්ගේ නෙත් සිත් වශී කෘත වන මෙම විහාරය ඉතාම මනරම් පරිසරයක පිහිටා ඇත. දේවානම්පියතිස්ස රජ දවස මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයත් සමග ඇතිවූ බුද්ධ ශාසනයේ පිබිදීමේ මූලාරම්භක ස්ථානයක් ලෙස මෙම කටුපොත ආරණ්‍ය හැඳින්විය හැක .මෙහි කඳු ශිඛරය පුරාවටම රහතන් වහන්සේලා වැඩ සිටි උන් වහන්සේලා භාවනායෝගිව වැඩ හුන් ගල්ලෙන් විහාර ස්තූප බෝධි ප්‍රාකාර මොනවට දැක ගත හැකිය . ඉතින් අදට මෙහි සිල්වත් භාවනායෝගී ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරයි. ලොවට උතුම් පින්කෙත වූ අසිරිමත් අෂ්ඨපුද්ගල ආර්ය මහා සOඝ රත්නය සිහිකරමින් වන ගත භික්ෂුන් වහන්සේලාට මහත් පලිභෝධයක් වූ මැසි මදුරු පීඩාව අවම කරවමින්, නිර්වාණය සොයා යන ගමනට පහසුවක් සලසා දීමට මෙම විශේෂයෙන් සකසූ භාවනා මදුරු දැල් මෙම ස්වාමින් වහන්සේලා වෙත පූජා කලෙමු. පින්වත් ස්වාමින් වහන්සේලාගේ පරිහරණය සදහා දෑලකින් කරන ලද කුටි(meditation nets) 3ක් පූජා කිරීමෙන් ජනිත වූ සියලුම පුන්‍ය ධර්මයෝfමෙම පින්කම සදහා මූල්‍යමය දායකත්වය දැරූ
ඉතාලියේ ශ්‍යාමලි සමිත් දෙපලටද
චරිත් සිල්වා අයියාටද
මාදවී විජේරත්න අක්කාටද
පද්මා බැද්දගේ අක්කාටද
සුමාලි ඉබුල්දෙනිය අක්කාටද
නිලූශා රත්නායක අක්කාටද
වජීසා අක්කාටද
කාය පූජාවෙම්න් මෙම අසිරිමත් පින්කම සදහා සම්බන්ද වූ මාගේ කල්‍යාණ මිතුරන් සියලුදෙනාටද ,වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා..
තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු
සසුන් කෙත අස්වද්දමු පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
පිවිසෙන්න අපේ වෙබ්අඩවියට
web: https://sasunketha.wordpress.com/
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.