අපගේ ධර්ම දීපයේ ආගමික පුනරුදයක් ඇතිකරනු වස්, “දහසක් වෙහෙර විහාරස්ථාන සේනාසන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු” යන තේමාව යටතේ, සාසනයට ආලෝකයක් ලබාදීම අපගේ ඒකායන වෑයමයි.
ඔද තෙද බල පපා, නිසිකල හෙළයනි යමු ඉදිරියටම.
“ජාතිය රන් විමනක් වේ
ආගම මිනි පහනක් වේ
එය රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ”
දැනට “සසුන් කෙත අස්වද්දමු” තේමාව යටතේ අපගේ කල්‍යාණ මිතුරන්ද සම්බන්ද කරගනිමින් අප දිවයින පුරා දුශ්කර විහාරස්තාන ගනනාවක් වෙත මෙවැනි කටයුතු සිදුකරමින් පවතී:
- සක්මන් මලු සැකසීමෙන්
- ස්තූප සැකසීමෙන්
- කුටි සෙනසුන් සැකසීමෙන්
- ජල පෙරණ පූජා කිරීමෙන්
- අවශ්‍ය පිරිකර සපයා දීමෙන්
- වැසිකිලි සැකසීමෙන්
- බුදු මැදුරු සකසා දීම හා බුදු පිලිම පූජාව
- බෝධීන් වහන්සේලා වැඩම කිරීම හා බෝධි ඝර සැකසීම
- ස්තූප පිලිසතර කර දීමෙන්
- රුක් රෝපණ
- භාවනා උපකාරක ද්‍රව්‍ය පූජා කිරීමෙන්
- ධර්ම ශාලා සැකසීමෙන්
- පැන් පොකුණු තැනවීම
- ධර්ම ශාලා සැකසීම
- දුශ්කර විහාරස්තාන වෙත විදුලිය ලබා දීම
- වනගත සෙනසුන් වෙත ධානය ගෙන යාමට වාහන පූජාව
- නාම පුවරු නොමැති විහාරස්තාන උදෙසා නාම පුවරු සවිකිරීම
- කුටි සෙනසුන් වෙනුවෙන් ගරු භාන්ඩ පූජා කිරීම
ඉතින් මිතුරණි හැකිනම් ඒ සදහා ශ්‍රමයෙන් හෝ වෙනත් අයුරින් සම්බන්ද වීමට කැමති පින්වතුන් අප අමතන්න.
සසුන්කෙත අස්වැද්ද වීම සදහා ඔබගේ අදහස්ද ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි !
Leave a Reply
Your email is safe with us.