දහසක් විහාරස්ථාන ගොඩනඟා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අප පසුගිය දිනක තවත් අසිරිමත් පින්කමක් සිදුකෙලෙමු.සOසOර ගමනේ නිමාවක් සොයමින් නිසරු ගමන නිමාවක් කරමින් අමුර්තයක් බදුවන් නිවන් මග වඩන වනය තුල හුදකලාව විවෙකී සුවයෙන් නිවන අරමුනු කරගනිමින් වැඩ වාසය කරන පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේ ලා උදෙසා මැටි කුටියක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්තාව පසුගිය දිනක අප හට උදා වූවා.අනුරාධපුර කටුකැලියාව ප්‍රදේශයේ වනලැහැබකට ආසන්නයේ ඉදිවන මෙම මැටි කුටියේ මූලික කටයුතු වන පාදම කොටස සම්පූර්ණයෙන්ම සකස් කර නිමා කිරීමට අපට හැකි වූවා.. .විහාරස්තාන දහසක් ගොඩනගා සසුන්කෙත අස්වද්දමු තේමාව යටතේ සිව් දිශාවෙන් වඩින ආර්ය මහා සOඝ රත්නය සිහිකර උන් වහන්සේලා උදෙසා අපගේ සියතින්ම මැටිකුටියක් සැකසීමේ අරමුණ පෙරදැරිව මෙම මූලික කටයුතු සිදුකලෙමු .මෙම මෑටිකුටිය අනගාරිකා මෑණියන් වහන්සේ උදෙසා අව් වැසි මැසි මදුරු උපද්‍රවයන් ගෙන් තොරව සුවසේ බවුන් වඩා නිවන් මග සම්පූර්ණ කිරීම පිණිසම යම් දිනක හේතූ වනවා නොවනු මානය .මෙම මැටිකුටියේ මුලික කටයුතු සැකසීමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මේ පින්කමට මූලික කටයුතු සදහා මූල්‍යමය දායකත්වය දැරූ
යශෝදා පතිරත්න නැන්දා
දුශාන් අයියා
සුසන්ත ජයවර්දන අයියා
දර්ශන විජේසූරිය
දුශ්‍යන්ත චිරාජ් අයියා
සුමනා කුමාරි අක්කා
සුමුදු මල්වැන්න අක්කා
ප්‍රසාදිනී විතානගේ අක්කා
තරිදු සහ කෞශල්‍ය අක්කා
තිලිණ සේනානායක
මෙන්ම මා සමග පෑමිණි මාගේ කල්‍යාණ් මිතුරන් සියලුදෙනාටද ඇතුලු වචනයෙන් පවා උපකාර කල සියලුදෙනාටද දෑක බලා අනුමෝදන් වූ සියලු පිරිසටද පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා.,අප සෑමගේ මෙම කාය පුජාව ඒ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ආර්ය් පුත්‍ර වූ මහා සඝ රුවන උදෙසාම වේවා..මෙම මැටිකුටියේ වැඩ කටයුතු ඉතිරිව ඇති බැවින් අටමහා කුසලයක් වන මේ උතුම් පින්කමේ ඊලග වැඩකටයුතු මෙම සෙනසුරාදා (2018.06.16 ) වන දින උදෑසන සිට කටුකැලියාව මෙම භූමියේ සිට සිදුවේ මේ සදහා සම්බන්ද වීමට කැමති මිතුරන් අමතන්න 0715945477 ඉසුරු
පිවිසෙන්න අපේ වෙබ්අඩවියට
web: https://sasunketha.org/
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.