දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ බොහෝ කාලයක් හිත හිතා සතුටුවිය හැකි අසිරිමත් පින්කම්ක් 2018.04.28 සහ 29 දෙදින පුරාවටම සිදුකර ගැනීමට හැකි වූවා,ස්වාමින් වහන්සේලා 30 නමක් පමණ වැඩ වසන බලංගොඩ බෙලිහුල්ඔය සීල සමාහිත යෝගාශ්‍රමයේ පින්වත් ආර්ය මහා සංඝරත්නය හට ප්‍රදාන අඩුපාඩුවක් වී පැවති සක්මන් මලුව සැකසීම ආරම්භ කිරීමට 28 වන දින අපට හැකි වූවා,වන ලැහැබට බෙහෙවින් සමීපයේ අඩි 58 දිගකින් යුක්තව සකසන්නට ආරම්බ කරමින් පොලොව සමතලා කරමින් පහල සම්පූර්ණ ස්තරයම දිය සීරා හා මුල් මගින් හානියක් නොවන පරිදි අගල් 3ක පමණ කොන්ක්‍රීට් තට්ටුවක් යොදා මනාව ශක්ත්මත් ලෙස සැකසීම ආරම්භ කල අතර මහ වරුශා මල් වරුසා සහිත අශිර්වාද කරමින් බුදුගුණ සිහිකරමින්ම කාය පූජාවෙන් දායක වීමට හැකි විය,අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියාලූම පුණ්‍ය ධර්මයෝ අපට අවවාද අනුශාසනා කරමින් මෙම පින්කමට උපකාර කර කන්දෙකුඹුරේ රාධ ස්වාමින් වහන්සේටද..
මේ සදහා මූලිකත්වය ගෙන දායකත්වය දැරූ පින්වත් දිනූ අක්කාටද , අව් වැසි මද්‍යයේ නොකඩවා කාය පූජාවෙම්න් මෙම අසිරිමත් පින්කම සදහා සම්බන්ද වූ මාගේ කල්‍යාණ මිතුරන් 22 නාටද,දුශ්‍යන්ත චිරජ් අයියාටද ,වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා…
තෙරුවන්සරණයි…. නමෝබුද්ධාය…සාදු සාදු සාදු
සසුන් කෙත අස්වද්දමු පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
Leave a Reply
Your email is safe with us.