දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අප සැමට අතීශය දුර්ලභ බොහෝ කාලයක් අප සැමගේ හිත සුව පිණිස පවතින අසිරිමත් පිංකමක් පසුගිය දිනක අප සැමට සිදු කිරීමට හැකි විය…හිගුරක්ගොඩ සිට සෝමාවතී විහාරය දෙසට 4කිමි පමණ ගිය විට හමුවන මෙම හිගුරක රජමහා විහාරය වර්තමානයේ වැලිවතුරේගම රජමහා විහාරය ලෙසද හදුන්වයි.අවුරුදු 1800 පැරණි මෙම මහසෙන් රජු ඉදිකල ස්තූපය පුරාවිද්‍යා කැණීම් කිරීමෙන් පසු නැවත ප්‍රතිස්Oස්කරණය කර කොට වෙහෙරක් ලෙස ඉදිකරමින් පවතී,මෙම දාගබ් වහන්සේ නැවත පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අදීක්ශණය යටතේ සම්බුද්ධ සාසනය,බෞද්ධ සිව්වනක් පිරිසගේ ආමිස ප්‍රතිපති ධර්මතා වර්ධනය උදෙසා නැවත සැකසීමේ කටයුතු අපගේ අතින්ම ආරම්භ කිරීමට හැකිවිය, සෑය පිහිටි ඉහල ගල් තලාව වෙත බුදු ගුණ සජ්ජායනා කරමින් ගල් ,වැලි ගඩොල් ගෙන ඒම සිදුකරනු ලැබූයේ ඉතාමත් සැදැහැ සිතින්මය,අදික රශ්මියේ පවා කාය පූජාවෙන් මෙම ස්තූපය සැකසීම සදහා ගඩොලක් තබන වාරයක් වාරයක් පාසා අපගේ සිතේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිකරගනිමින් සෑ රජුන් ප්‍රතිසOස්කරණය කරනු ලැබූයේ මින්නේරිය දෙවියන්ටද පින් අනුමෝදන් කරමින්මය.අපගේ කළණ මිතුරු පිරිසද ,ගමේ පිරිසද කාය පූජාවෙන් පින්කරගන්නා ආකාරය දැකීම කිසි දිනක අමතක නොවන අසිරිමත් දුර්ලභ දසුනක්ම විය ,මෙම අසිරිමත් කාය පූජාවෙන් ජනිත වූ සියාලූම පුණ්‍ය ධර්මයෝ මේ සදහා මනරම් කරඩුන් වහන්සේ පූජා කල පින්වත් දීප්ති නන්දන අයියාටද,මෙම ප්‍රතිසOස්කරණ කටයුතු සදහා ගඩොල් ලබා දුන් පින්වත් රොමේශ් අයියාටද ,මෙම පින්කම සම්බන්ද කර දුන් පින්වත් ගීතිකා අක්කා හටද,මේ සදහා බෝහෝ උපකාර කර පුරාවිද්‍යා සියලු නිලධාරින්ටද ,මෙම පින්කම සදහා දායක වූ නිරානි පතිරගේ අක්කාටද. රුක්ශිනී අක්කාටද ,චිරාජ් අයියාටද,බුද්ධික අරුණ ශාන්ත අයියාටද ,චතුරන්ග රත්නායක අයියාටද ,අනූශා සමන්මලී අක්කාටද,වජීසා අක්කාටද,මනෝජා අක්කාටද ,දොස්තර මහේෂ් හටද,මෙන්ම එම විහාරාධිපති හිමි ඇතුලු මහා සංඝරත්නයටද,එම අදියර මෙහෙයවන පුරාවිද්‍යා පිරිසටද,එම අවස්තාවට දායකත්වය දැරූ,ඉදිරියටද දායකත්වය දරන සැමටද,සහභාගී වූ අප කළණ මිතුරු සැමටද,එම ගම් වාසී සැමටද, ,දායක පිරිසටද,වචනෙන් පවා දායක වූ සැමටද,සිතුවිල්ලෙන් පවා උදව් උපකාර සැමටද,දැක බලා සතුටු සිත් උපදවාගන්නා සැමටද ,මින්නේරිය දෙයියන්ටද,මේ සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා.
තෙරුවන්සරණයි … නමෝබුද්ධාය…. සාදු සාදු සාදු !
චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමේ අනුසස්
(1)කුෂ්ඨ ,ගඩු ,සුදු කබර. අපස්මාර , අතුල් පතුල් පැලීම ඇඟ කැසීම ආදී රෝග වලින් ආරක්ෂා වීම
(2)කයෙහි තල කැළැල් හට නොගැනීම
(3)මරණින් මතු දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි සැරිසැරීම
(4)පැහැපත් ශරීර ලැබීම
(5)අමනාප අප්‍රිය දෑ බැහැර වීම
(6)සිත පිරිසිදු වෙයි එකඟ වෙයි මැනවින් සංසිදෙයි
(7)අරහත්වය පිණිස භාවනාට ඉඳගත් පලමු වාරය පටන් මෙම පුණ්‍ය විපාක උපකාරී වේ
සසුන් කෙත අස්වද්දමු පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
Leave a Reply
Your email is safe with us.