දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අප සැමට අතීශය දුර්ලභ පින්කම්ක් සිදුකිරීමට හැකියාව උදා වූවා..මහසෙන් රජු විසින් ඉදිකල අසිරිමත් හිගුරක රජමහා විහාරය අතීතයේ විරාජමානව පැවති අසිරිමත් විහාරයක් බව මෙහි අදටත් දැකගත් හැකි නටබුන් දාගැබ්,ප්‍රතිමා ගෘහය,හා සෙසු ගොඩනැගිලි මගින් මොනවට සනාත වේ.හිගුරක්ගොඩ සිට සෝමාවතී විහාරය දෙසට 4කිමි පමණ ගිය විට හමුවන මෙම හිගුරක රජමහා විහාරය වර්තමානයේ වැලිවතුරේගම රජමහා විහාරය ලෙසද හදුන්වයි.අවුරුදු 1800 පැරණි මෙම මහසෙන් රජු ඉදුකල ස්තූපය පුරාවිද්‍යා කැණීම් කිරීමෙන් පසු නැවත ප්‍රතිස්Oස්කරණය කර කොට වෙහෙරක් ලෙස ඉදිකරමින් පවතී,මෙම දාගබ් වහන්සේ නැවත පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අධීක්ෂණය යටතේ සම්බුද්ධ සාසනය,බෞද්ධ සිව්වනක් පිරිසගේ ආමිස ප්‍රතිපත්ති ධර්මතා වර්ධනය උදෙසා දෙස් විදෙස් පුරා විසිරී පැතිරී සිටින සසුන්කෙත අස්වද්දමු අප කළණ මිතුරු
හව්ලගේ මූල්‍ය හා කාය පූජාවන්ගේ ආනුභාවයෙන් පෞරාණික මුහුණුවරට හානියක් නොවන සේ ප්‍රතිසංකරනය කිරීම ආරම්භ කිරීමට ඊයේ දිනයේදී අප සැමට හැකි විය.
මෙම විනාශ මුඛයට ඇදෙමින් ගිය දාගැබ් වහන්සේගේ ගර්භය තුල නැවත දාතූන් වහන්සේලා , නිධන් වස්තු තැම්පත් කිරීම පිණිස ඊයේ උදෑසන තුරුණුවන් මුල් කරගෙන මහත් උත්සවශ්‍රීයෙන් සිදු කිරීමට එම විහාරාධිපති හිමි සංඝරත්නය සහ ගම් වාසීන් කටයුතු සම්පාදන කර තිබූ අයුරු මනරම් දසුනක් විය.ධාතූන් වහන්සේ තැන්පත් කරඩුන් වහන්සේ සහ අප්‍රමාන නිදන් වස්තූන් බුදු ගුණ සජ්ජායනා කරමින් සෑ රජුන් වෙත පූජා කිරීමට ගෙන යනු ලැබූයේ පින්වත් සඝ රුවනද පෙරටු කරමින් මින්නේරිය දෙවියන්ගේද ආශිර්වාද මද්‍යයේය .අසිරිමත් පෙරහැරකින් මෙම සියලු පූජාවන් අවුරුදු 1800 පසු අපට නැවතත් සිදුකිරීමට හැකි වූයේ අපගේ පෙර කුසලයක් නිසාවෙන්මය,ඉතා ඉක්මනින්ම මේ පෞරාණික දාගැබ් වහන්සේ නැවත සම්බුද්ධ සාසනය වෙනුවෙන් දායාද කිරීමට අප කළණ මිතුරන්ගේ අභිප්රායම වේ.මෙම අසිරිමත් පින්කමේ මූලික කටුයුත්ත වූ ධාතූ කරඩුන් වහන්සේ හා නිදන් වස්තූන් පින්වත් සඝ රුවනද පෙරටු කරගනිමින් හේවිසි ශබ්දපූජා මධයයෙහි අලංකාර පෙරහැරකින් සෑ රජුන් වෙත වැඩම කිරීමෙන් ජනිත වූ සියාලූම පුණ්‍ය ධර්මයෝ මේ සදහා මනරම් කරඩුන් වහන්සේ පූජා කල පින්වත් දීප්ති නන්දන අයියාටද,මෙම ප්‍රතිසOස්කරණ කටයුතු සදහා ගඩොල් ලබා දුන් පින්වත් රොමේශ් අයියාටද මෙම පින්කම සදහා දායක වූ නිරානි පතිරගේ අක්කාටද. රුක්ශිනී අක්කාටද ,චිරාජ් අයියාටද,බුද්ධික අරුණ ශාන්ත අයියාටද,අනූශා සමන්මලී අක්කාටද,වජීසා අක්කාටද,මනෝජා අක්කාටද ,දොස්තර මහේෂ් හටද,මෙන්ම එම විහාරාධිපති හිමි ඇතුලු මහා සංඝරත්නයටද,එම අදියර මෙහෙයවන පුරාවිද්‍යා පිරිසටද,එම අවස්තාවට දායකත්වය දැරූ,ඉදිරියටද දායකත්වය දරන සැමටද,සහභාගී වූ අප කළණ මිතුරු සැමටද,එම ගම් වාසී සැමටද,දායක පිරිසටද,වචනෙන් පවා දායක වූ සැමටද,සිතුවිල්ලෙන් පවා උදව් උපකාර සැමටද,දැක බලා සතුටු සිත් උපදවාගන්නා සැමටද මේ අනිත්‍ය වූ කුසලසංස්කාර ධර්මයන් අවබෝධයෙන්ම අනුමෝදන් කරමි.අනුමෝදන් වේවා!!!
තවද සක්‍ර සතරවරම් ඇතුලු සියලු දෙවියෝ මේ අනිත්‍ය වූ කුසල සංකාරයන් අවබෝදයෙන්ම අනුමෝදන් වේවා!!! අප සැම නමින් මිය ගිය සංසාර ගත නෑ හිතවතුන් පිං බලාපොරොත්තුව වෙසේ නම් ඒ ජීවී කොට්ථාශත් මේ පිං අනුමෝදන්ව ආයු වර්ණ සැප බල නුවණ වඩවා ගෙන දුකින් මිදේවා!!!
අවසන මා, අප ඔබ ,සැමටම මේ අනිත්‍යවූ කුසල ධර්මතාවයන් මේ භවයේම සතර අපා දුකින් මිදී උතුම් නිර්වාණබෝධය පිණිසමත් හේතු වේවා කියා අදිශ්ඨාණ කරමි.
සාදූ සාදූ සාදූ.!!! තෙරුවණ්සරණයි!!!
සසුන් කෙත අස්වද්දමු පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
Leave a Reply
Your email is safe with us.