දහසක් විහාරස්ථාන ගොඩනඟා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අප පසුගිය දිනක තවත් අසිරිමත් පින්කමක් සිදුකෙලෙමු.භාවනායෝගී ස්වාමීන් වහන්සේලාගේ සොඳුරු තෝතැන්නක් වූ අසිරිමත් පූජා ලෙන ආරණ්‍ය සේනාසනය බදුරලිය ප්‍රදේශයේ පිහිටා ඇත. එහි දැනටමත් ස්වාමීන් වහන්සේලා වැඩසිටින කුටි සෙනසුන් කැලෑවේ හුදකලාව තැනින් තැන පිහිටා ඇති අතර අලූතෙන් ගල්ලෙන් තුළ නැවතත් කුටි සෙනසුන් සකස් කරමින් පවතන අතර මෙම සැකසෙන කුටි සෙනසුන් වෙත පිහිටා ඇති මාර්ගය තුල ගමන් කිරීම ඉතා අපහසුය .මෙම අපහසුතාවය දුටු අප මිතුරු කැල අදහස් කරා මෙහි ස්වාමීන් වහන්සේලාට වැඩම කිරීම පිණිස කටුකොහොලින් තොර ක්‍රමවත්ව සැකසූ මනා මංපෙතක් ඉදිකිරීමට. ඉතින් දිනය පුරාම වෙහෙස මහන්සි වී සියලු බාධක ඉවත්කර කටුපඳුරු සහ නොයෙක් ශාඛ කොටස් බාධාවක් නොවන පරිදි ඉවත් කරමින් පිහිටි මාර්ගය තරමක් පළල් කරමින් මනාව සමතලා කරමින් උල් හා මුල් ඉවත් කරමින් පින්වත් ස්වාමීන් වහන්සේලාට කිසිම පීඩාවකින් තොරව අපහසුතාවයක් නොවන පරිදි සුවසේ වැඩම කිරීමට අපගේ අතින්ම සුවපහසු මංපෙතක් සැකසුවෙමු.මෙම පිංකම නිමාකර ආරණ්‍ය සේනාසනය වෙත භාවනා මදුරුදැල් පූජාවක් හා ධර්ම පුස්තක පූජාවක්ද සිදු කළෙමු මෙම අසිරිමත් පින්කම් මාලාවේන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මෙම ආරණ්‍ය සේනාසනය වෙත මෙම පින්කම් මාලාව සිදුකිරීම සඳහා දායකත්වය දැරූ
විරන්ත උපේක අයියාටද
සමීර තිලකසිරි අයියාට ද
ප්‍රදීප් ගුණරත්න අයියාටද
උපුල් අබේගුණවර්ධන අයියාටද
චන්ද්‍රමාලි සුරංගිකා අක්කාටද
පද්මා බැද්දගේ අක්කාටද
ආදි කොටගත් සියලු මිතුරන්ටද මෙන්ම මේ අසිරිමත් පින්කමට මා සමග පැමිණි සියලු පින්වත් මිතුරන්ටද වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා.බාධා ඉවත් කර ස්වාමීන් වහන්සේලා වෙත සුවපහසු ලෙස වැඩම කිරීමට මාර්ගය සැකසූවාක් ලෙසින් නිවන් මාර්ගයද බාධා මැඩගෙන ජය ගැනීමට අප සැමටම මේ පින් හේතු වේවා වාසනා වේවා.තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු
සසුන් කෙත අස්වද්දමු පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.