දහසක් විහාරස්ථාන ගොඩනඟා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අප පසුගිය දිනක තවත් අසිරිමත් පින්කමක් සිදුකෙලෙමු,.දුටුවන්ගේ නෙත් සිත් වශී කෘත වන බදුරලිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම පූජා ලෙන ආරණ්‍ය අතිශය සුන්දර සිංහරාජ වනයට සමීපයෙහි පිහිටා ඇත. ,හුදකලා නිවන්මග වඩින ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් උන් වහන්සේලා සමග ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගෙවන්න ලැබීමත් අප හට උදා වන්නේ අප පෙර සසරේ සිදුකල පිනක් නිසාමයි. ලොවට උතුම් පින්කෙත වූ අසිරිමත් අෂ්ඨපුද්ගල ආර්ය මහා සOඝ රත්නය සිහිකරමින් වන ගත භික්ෂුන් වහන්සේලාට මහත් පලිභෝධයක් වූ මැසි මදුරු පීඩාව අවම කරවමින්, නිර්වාණය සොයා යන ගමනට පහසුවක් සලසා දීමට හැකිවේවා යන ඒකායන පරමාර්තය පෙරදැඩිව මෙම විශේෂයෙන් සකසූ භාවනා මදුරු දැල් මනරම් පූජා ලෙන ආර්ණ්යයේ පින්වත් ස්වාමින් වහන්සේලා වෙත පූජා කලෙමු.එමෙන්ම නිර්මල ශ්‍රී සද්ධර්මය අන්තර්ගත ධර්ම පුස්තක පූජාවක්ද එය අන්තර්ගත කිරීමට කබඩ් පූජාවක්ද කළෙමු,මෙම මදුරුදැල් 7 පූජා කිරීමෙන් සහ ධර්ම පුස්තක පූජා කිරීමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පිංකම සඳහා අපට අවවාද අනුශාසනා කරමින් අපට බොහෝ උපකාර කළ පූජා ලෙන විහාරාධිපති පින්වත් ස්වාමීන් වහන්සේට ද ,මෙම මදුරුදැල් 7 සම්පූර්ණයෙන්ම ලබාදුන්
විරන්ත උපේක අයියාටද
එමෙන්ම මෙම ධර්ම පුස්ථක සදහා සම්බන්ද වූ
සමීර තිලකසිරි අයියාට ද
ප්‍රදීප් ගුණරත්න අයියාටද
උපුල් අබේගුණවර්ධන අයියාටද
චන්ද්‍රමාලි සුරංගිකා අක්කාටද
පද්මා බැද්දගේ අක්කාටද
ආදි කොටගත් සියලු මිතුරන්ටද මෙන්ම මේ අසිරිමත් පින්කමට මා සමග පැමිණි සියලු පින්වත් මිතුරන්ටද වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා..තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු
සසුන් කෙත අස්වද්දමු පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
Leave a Reply
Your email is safe with us.