දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අප සැමට අතීශය දුර්ලභ බොහෝ කාලයක් අප සැමගේ හිත සුව පිණිස පවතින අසිරිමත් පිංකමක් ඊයේ දිනයේ සිදුකිරීමට හැකිවිය .අලි කොටි වලසුන් පිරි මහා ඝණ කැලෑවේ රිටිගල රක්ෂිතයේ පිහිටි අතිශය මනරම් වී බැඳ හිඳ වන අරණේ පිහිටි ධාතු මන්දිරයට ප්‍රධාන අඩුපාඩුවක් වී පැවති වීදුරු ආවරණයක් සවි කිරීමේ පින්කම ඊයේ දිනයේ ඉතාම ශ්‍රද්ධාවෙන් කළණ මිතුරන් සමගින් සිදු කිරීමට අපට හැකිවූවා,සර්වඥ කේශ ධාතූන් වහන්සේලා මෙන්ම සර්වඥ අස්ථි ධාතූන් වහන්සේලා තැන්පත් ධාතු මන්දිරයට කිසිම සතෙකුගෙන් හිරිහැරයක් නොවන පරිදි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ගඳකිළිය මනාව ආරක්ෂා සහිතව වීදුරු ආවරණයක් සහිතව ආරක්ෂා කොට පින් කැමැත්තන්ට සුවපහසු ලෙස ධාතූන් වහන්සේලා දැක බලා වන්දනා කිරීමට හැකිවන පරිදි අප සැමට මෙම වීදුරු ආවරණය සකසා පූජා කිරීමට හැකි වීම අපගේ භාග්‍යයක් මයි.එමෙන්ම වීදුරු ආවරණය මනාව සවිකොට පින්වත් ස්වාමීන් වහන්සේ හට සුවපහසු ලෙස බවුන් වැඩීම පිණිස භාවනා මදුරුදැලක් ද අපගේ අතින්ම පූජා කළෙමු. දිනය පුරා ධාතු වන්දනාමය , බුද්ධ උපස්ථාන මය , පිරිකර පූජාමය, බෝධි වන්දනාමය , ආදීකොටගත් රැස් කරගත්තා වූ අපරිමිත පුණ්‍ය ධර්මයෝ පළමුවෙන්ම මෙම වීදුරු ආවරණය සවි කිරීම සඳහා ලක්ෂයකට අධික මුදලක් සම්බන්ධ කර දෙමින් මෙම පින්කම සිදුකර ගැනීම සඳහා මූල්‍යමය දායකත්වය දැරූ
අසංක රාජපක්ෂ අයියාට ද
ගයාශි අබේවීර අක්කාටද
තරිදු සහ කෞශල්‍යයක් දෙපලටද
සියපත් විකුම් මිතුරාටද
සුචරිත තුශාර අයියාටද
අනුර ප්‍රියදර්ශන අයියාටද
උපුල් අබේසිංහ මිතුරාටද
පද්මා බැද්දගේ අක්කාටද
ලක්මාලි ජයසේකර අක්කාටද
චමින්ද නිරෝෂන් අයියාටද
සුමුදු මල්වැන්න අක්කාටද
මෙවන් දිසානායක අයියාට ද
කාය පූජාවෙම්න් මෙම අසිරිමත් පින්කම සදහා සම්බන්ද වූ මාගේ කල්‍යාණ මිතුරන් සියලුදෙනාටද ,වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා..තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු
සසුන් කෙත අස්වද්දමු පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.