පින්වත් වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව ඉදිවන බවුන් පැලැස්ස උදෙසා අපටත් මැටි කුටියක් සැකසීම පිණිස සම්බන්ධ වීමේ දුර්ලභ අවස්ථාව පසුගිය දිනක අපටත් වූවා..පිළිවෙත් පුරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස උදෙසා ම ආර්ය මාර්ගයේ ගමන් කරමින් සුවපහසු ලෙස හුදෙකලා නිවන් මඟ වැඩීම සඳහා ම ඉදිවෙන මෙම බවුන්පැලැස්ස අනාගතයේ බෞද්ධයන්ගේ අධ්‍යාත්මික සුවය උදෙසා තැනෙන අසිරිමත් භූමියක් වනු නොවනුමානය , බවුන් පැලැස්ස උදෙසා කලණ මිතුරන් සමගින් මැටි කුටි සැකසීමට , වරිච්චි බිත්ති සැකසීමට ,ඉලුක් සෙවිලි කිරීමට ආදී කාය පූජාවෙන් සම්බන්ද වීමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පිංකම සඳහා අපව සම්බන්ධ කර ගත් පින්වත් වල්පොල ගෝතම ස්වාමින් වහන්සේට ද , පිංකමට උපකාර කළ සියලු කල්‍යාණ මිත්‍රයන්ටද පින් කැමති ඔබ සියලු දෙනාටම ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස ම මෙම පින උපකාර වේවා .එමෙන්ම මෙම 27 වන සෙනසුරාදා දින උදෑසන පටන් මෙහි ධර්ම ශාලාවේ මැටි ගැසීම සහ කුටි සැකසීමට අප සැම අදහස් කර ඇත, කාය පූජාවෙන් පින්කම සදහා ශ්‍රම දායකත්වය ලබා දිය හැකි මිතුරන් මෙන්ම සසුන් කෙත අස්වද්දමු පින්කම් සදහාද සම්බන්ද වීමට කැමති මිතුරන් එක්වන්න අප සමග
අමතන්න ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.