වස් කාලය තුළ ආර්ය මහා සංඝරත්නය උදෙසා බොහෝ කල් හිතසුව පිණිස පවතින කුසල් සිත් නිරන්තරයෙන් ජනිත කිරීමට උපකාර වන අසිරිමත් පින්කමක් අද දින සිදු කර ගැනීමේ වාසනාව අපහට උදාවූවා… දනව්කන්ද සිරිමංගල යෝගාශ්‍රමයේ දී කඨින චීවර බුද්ධ භාෂිතයට අනුකූලව අපගේ දෑතින්ම පඬුපොවා පූජා කිරීමට ලැබීම මොනතරම් භාග්‍යක්ද,
පඩු පෙවීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ
මහෝගනී හෝ කොස් පොතු
පඩු ඔරුව
විනයානූකූලව මසන ලද චීවරය
පඩුපොවන ආකාරය
1පළමුව මේ සඳහා මහෝගනී පොතු ඉතාමත් සිහින් ලෙස කොටා එම කොටාගත් මහෝගනී බොහෝ වෙලාවක් තම්බා ගැනීම සිදු කළ යුතුවේ
2ඉන්පසු චීවරය මනාව ඔතා පඩු ඔරුවේ තැන්පත් කල යුතුවේ
3ඉන්පසු තම්බාගත් මහෝගනී දියර පෙරහන්කඩයකින් පෙරමින් මනාව චීවරය මතට දමන අතර ඒ කාලයේදීම චීවරය රෝල් කරමින් පඩු ඔරුවේ ඉදිරියට ගෙනා ආ යුතුය
4 එලෙසම අනෙක් පසද පඩු තවරමින් රෝල් කරමින් මනාව පඩු ගැසීම සිදුකල යුතුවේ
5 ඉන්පසු එම චීවරය හොදින් අව්වේ වේලා ගත යුතුවේ
6 චීවරය වේලා නිම වූ පසු නැවත ඉහත පරිදි 3 වතාවක් හෝ 4 වතාවක් හෝ පඩු ගැසිය යුතුවේ ..
පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා කෘමි උවදුරු වලින් රහිතව ඉතා සුවපහසු ලෙස නිවන් මග වඩමින් බොහෝ කාලයක් පරිශිලනය කිරීමට මෙම විනයානූකූලව අතීතයේ චාරිත්රානූකූලවම පඩු පොවන ලද චීවරයන් උපකාරී වනු නිසැකය. මෙම අසිරිමත් පින්කමෙන් ජන්ත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පිංකමට අපව සම්බන්ධ කරමින් මේ සඳහා බොහෝ අවවාද අනුශාසනා කළ පින්වත් දියතලාවේ අරියවංශ ස්වාමීන් වහන්සේට ද, එමෙන්ම අපරිමිත කැපවීමෙන් දිනය පුරාම මේ සඳහා සම්බන්ධ වූ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලටද ආහාරපානාදිය ලබාදෙමින් උපකාර කළ විහාරස්තානයේ දායක පිරිසටද ආරණ්‍යයේ සියලු ස්වාමින් වහන්සේලාටද ,වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා.සුන්කෙත අස්වද්දමු ඉදිරි පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න ඉසුරු 0715945477
Leave a Reply
Your email is safe with us.