දහසක් විහාරස්ථාන ගොඩනඟා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අප පසුගිය දිනක රත්ගම කලපුවේ පිහිටි පොල්ගස්දූව ආරණ්‍ය වෙත පිය නැගුයේ එම විහාරස්ථානයේ අඩුපාඩු සොයා දී එම විහාරස්ථානය වෙත අපට හැකි අයුරින් උපකාර කිරීමටය,දුටුවන්ගේ නෙත් සිත් වශී කෘත වන මෙම විහාරය ඉතාම මනරම් පරිසරයක පිහිටා ඇත.කලපු පරිසරයක හුදකලා දූපතක පිහිටා ඇති මෙම පොල්ගස්දූව ආරණ්‍ය මිනිස් වාසයෙන් තොර හුදෙක් ස්වාමින් වහන්සේලාගෙන් පමණක් පිරී පවතින පින්බිමකි,මෙහි ස්වාමින් වහන්සේලා දූපතෙන් පිටත ගම්මාන කරා පිණ්ඩපාතය වැඩම කරවන අතර අවට මිනිසුන් හට මෙලස ස්වාමින් වහන්සේලා වෙත පිණ්ඩපාත ධානයන් දින පතා පූජා කිරීමට හැකිවන්නේ අසිරිමත් පිනක ප්‍රතිඵලයක් නිසාවෙන්මය, මෙම පොල්ගස්දූවට යාබදව ස්වාමින් වහන්සේලා වැඩ සිටින තවත් දූපතක් පිහිටා ඇත . ලොවට උතුම් පින්කෙත වූ අසිරිමත් අෂ්ඨපුද්ගල ආර්ය මහා සOඝ රත්නය සිහිකරමින් වන ගත භික්ෂුන් වහන්සේලාට මහත් පලිභෝධයක් වූ මැසි මදුරු පීඩාව අවම කරවමින්, නිර්වාණය සොයා යන ගමනට පහසුවක් සලසා දීමට මෙම විශේෂයෙන් සකසූ භාවනා මදුරු දැල් මෙම ස්වාමින් වහන්සේලා වෙත පූජා කලෙමු. පින්වත් ස්වාමින් වහන්සේලාගේ පරිහරණය සදහා දෑලකින් කරන ලද කුටි(meditation nets) 6ක් පූජා කිරීමෙන් ජනිත වූ සියලුම පුන්‍ය ධර්මයෝfමෙම පින්ක ම සදහා දායකත්වය දැරූ
මදුරු දැල් ල්බා දුන්
චෙමී හා ඩිලාන් යන දෙපලටද
පසන් රත්නායක මිතුරා
උජිත් අයියා
හිරන්‍ය කෞශල්‍යය මිතුරා
යසාරා ජයසුන්දර
මාධවී ප්‍රමිලා මිතුරියටද
මෙම පින්කම සම්බන්ද කරදුන් එරන්දි මිතුරිය ඇතුලු පවුලේ සැමටද
කාය පූජාවෙම්න් මෙම අසිරිමත් පින්කම සදහා සම්බන්ද වූ මාගේ කල්‍යාණ මිතුරන් සියලුදෙනාටද ,වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා..
තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු
සසුන් කෙත අස්වද්දමු පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.