සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලට අසිරිමත් පින්කමක් ඊයේ දින සිදුකර ගැනීමට හැකි වූවා,ගල්දූව ආරණ්‍යයේ 2018/ 06 / 17 වන දින පවත්වන්නට යෙදුන ශ්‍රී කල්යාණියෝගාශ්රම සංස්ථාවේ මහා සංඝ සභාවට හා උපසම්පදා පින්කම උදෙසා සිව්දිගින් හා සිව් අණුදිශාවෙන් වැඩමකර වැඩවදාරන ලද 300 කට ආසන්න ආරාන්යයවාසී මහා සඟරුවන වෙත පිණ්ඩපාතයේ වැඩමකරවීමේ මහා පින්කම උදෙසා වඩිනුලබන මහමඟ එම නිර්මාණය කරගන්නට යෙදුනාවු රෙදි පාවඩය අතුරා ඒ මතින් පාදතබා පියවර තබා වැඩමකරවන්නට සලැස් වූයෙමු….මෙම සෑම පින්කමක්ම අපහට සිදුකරගැනීමට හැකිවූයේ පින්වත් අපගේ කල්‍යාණ මිත්‍ර පූජ්‍ය දියතලාවේ අරියවංශ පින්වත් ස්වාමීන් වහන්සේ නිසාවෙන්මය.
මෙහිදී පිණ්ඩපාතයේ වඩින සියළුම ස්වාමීන්වහන්සේලාගේ දෙපා නැමද
ඇල් පැනින් දෝවනය කලෙමු
උණුපැනින් දෝවනය කලෙමු
ඖෂධ පැනින් දෝවනය කලෙමු
දෙපා හොදා පිරිසිදු කලෙමු
බෙහෙත් තෙල් ආලේප කලෙමු
පාවඩ අතුරා ඒ මතින් මහාසංඝ රත්නය වැඩම කරවනලදි….
සුවද පූජා සිදුකලෙමු
ඉතාමත් ශ්‍රද්ධාවෙන් උපස්ථාන කළෙමු
දිනය පුරා රැස්කරගත් වූ අසිරිමත් පුණ්‍ය ධර්මයෝ අපරිමිතයි ලද නිරාමිස සුවය නම් වචනයෙන් කිව නොහැකි තරම්ය…
මෙම රැස්කර ගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ පළමුවෙන්ම මේම පිංකමට අපව සම්බන්ධ කරගත් පූජ්‍ය දියතලාවේ අරියවංශ පින්වත් ස්වාමීන් වහන්සේටද ,
එමෙන්ම අපට අවවාද අනුශාසනා කර පින්වත් දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේටද කහගොල්ලේ සෝමවන්ස ස්වාමින් වහන්සේ ඇතුළු යෝගාශ්‍රම සංස්ථාවේ සියලුම ස්වාමීන් වහන්සේලාට ද එමෙන්ම මෙම පිංකම සඳහා අපට දායකත්වය දරමින් උපකාර කළ
චෙමී මිතුරියටද
ශීලන් පෙරේරා අයියාටද
චතුරOග රත්නායක අයියාටද
රුක්ශිනී අක්කා හා ශිල්පා අයියාටද
තරින්දු අOජන හටද
මහේශා දිසානායක අකාටද
දුශන්ත චිරාජ් අයියාටද
ගැමුණු සුරOග අයියාටද
අසේල දික්කුඹුර අයියාටද
එරංග වර්ණකුලසූරිය
රසික ලක්මාල් අයියාටද
ආදි කොටගත් සියලු මිතුරන්ටද මෙන්ම මේ අසිරිමත් පින්කමට මා සමග පැමිණි සියලු පින්වත් මිතුරන්ටද වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා..තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු
සසුන් කෙත අස්වද්දමු පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.