දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ බොහෝ කාලයක් හිත හිතා සතුටුවිය හැකි අසිරිමත් පින්කමක් පසුගිය දිනක සිදු කර ගැනීමේ දුර්ලභ අවස්ථාව අප සැමට උදා වූවා..ගාල්ල පසුකර උඩුගම දෙසට ගිය විට හමුවන කොට්ටව ප්‍රදේශයේ ්පිහිටා ඇති මෙම නාග ආරණ්‍ය සිංහරාජ රක්ෂිතය මායිමට වන්නට පිහිටා ඇත. දුටුවන්ගේ නෙත් සිත් වශී කෘත වන මනරම් හුදකලා පරිසරයක පිහිටි මෙම සෙනසුන බවුන් වඩන යෝගාවචරයන් වහන්සේලාගේ අසිරිමත් තෝතැන්නක් බවට පත් වී ඇත.මෙම ආරණ්‍යයේ පසෙක කන්ද මුදුනේ මනරම් සෑ රජුන් පිහිටා ඇති අතර එහි සමීපයේ සකසා ඇති මෙම සකමන් මලුවේ අපගේ අතින්ම බුදු ගුණ සිහිපහන්කරමින් සුදු වැලි අතුරා මනාව සකස් කරමින්
පසෙක භාවනා ආසනය සැකසීමද
ස්තූප මලුව සැකසීමද
භාවනා මදුරු දැල් පූජාවක්ද
පවහන් වැට පවිත්‍ර කිරීමද
රුක් රෝපණය කිරීම ආදී කොටගත් අසිරිමත් පින්කම් මාලවක්ම දිනය පුරාම සිදුකලෙමු ,
මෙම අසිරිමත් පින්කම් මාලාවේ ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මෙම සක්මන් මලුවේ සුදු වැලි ඇතිරීම පිනිස මෙම පින්ක්මට දායකත්වය දැරූ පින්වත්
සුමනා කුමාරි දෙපලටද
සුමුදු මල්වැන්න අක්කාටද
දොස්තර මහේෂ් මහතාටද
ජීන් සන්ද්‍යා නැන්දාටද
පරාක්‍රම විජේමාන්න අයියාටද
කෞෂල්‍යා සහ තරිදු දෙපළට ද
මදුශාන් පතිරගේ මිතුරාටද
මෙම ආරණ්‍යයේ සියලු ස්වාමින් වහන්සේලාටද මෙම පින්කමට අපව සම්බන්ද කර දුන් පින්වත් නිරොශ් සහ නිසල් යන පින්වත් මිතුරන්ටද ,ව් වැසි මද්‍යයේ නොකඩවා කාය පූජාවෙම්න් මෙම අසිරිමත් පින්කම සදහා සම්බන්ද වූ මාගේ කල්‍යාණ මිතුරන් සියලුදෙනාටද ,,වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා.මෙම ආරණ්‍ය ස්ථූප රාජයාණන් වහන්සේ වෙත මනරම් චූඩාමාණික්‍යයක් පූජා කිරීමට අප අදහස් කර ඇති අතර මෙම චූඩාමාණික්‍යය පිංකම සඳහා සම්බන්ධ වීමට කැමති හෝ චූඩාමාණික්‍යයක් ලබාදීමට කැමති පින්වතෙක් සිටීනම් අමතන්න,0715945477 ඉසුරු.
තෙරුවන්සරණයි …නමෝබුද්ධාය….සාදු සාදු සාදු
Leave a Reply
Your email is safe with us.