දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අප මේ දිනවලදී ආර්ය මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කිරීම සදහා කුටි 6ක් සකස් කරමින් පවතී .ඒ අතරින් අපට දැඩි වෙහෙසක් මෙන්ම බිහිසුණු අත්දැකීම් රාශියක් එක්කල පින්කමක් වූයේ මෙම පුල්මුඩේ කාවන්තිස් රජ දවස ඉදිවූ අරිසිමලයට අනුබද්ද මිහිදුලෙන ආරණ්‍යයේ ගල්ලෙනෙහි කුටිය සැකසීමයි,ඝණ කැලෑවේ වන සතුන් මද්‍යයේ මෙම වන සෙනසුන පිහිටා ඇති නිසා මෙය සැකසීම ඉතාමත් අසීරු කටයුත්තකි,නමුත් බුදුගුණ සිහි කරමින් සඝ ගුණ සිහිකරමින් අර්ය මහා සOඝ රත්නය වෙනුවෙන් කාය පූජාවෙන්ම දිවි හිමිය කැප කිරීම නිසාවෙන්දෝ අපට කිසිම සතෙකුගෙන් බාදාවක් ඇති නොවීය,පසුගිය දින අප යහලුවන් 30 දෙනකු පමණ සම්බන්ද වී ගල් ,වැලි , මැටල් සහ ගඩොල් උඩට ඇදීම සිදුකල අතර සති කිහිපයකට පෙර අප කුටියේ පියස්ස තැනීම සදහා කණු නැන්වීම කලෙමු.බොහෝ බාදක මැද මෙම කුටිය සැකසීමේ සම්පූර්ණ කටයුතු නිමාකිරීම සඝ ගුණ සිහිකරමින්ම සිදුකිරීමට අපට හැකිවිය ,බිත්තිවල පොටි කපා තීන්ත ආලේප කර ආරක්ශාවට දැල් යොදා අOග සම්පූර්ණ කුටියක් සකස් කිරීමට ලැබීම අපගේ භාග්යක්මය,කුටිය සකසා අවසානයේ කුටිය වටා රුක් රෝපණයක්ද,ගරු භාණ්ඩ පූජාවක්ද මෙන්ම ,ස්වාමින් වහන්සේලා උදෙසා දානය සකසා පූජා කිරීමටද අපට හැකිවිය ,මෙම අසිරිමත් කාය පූජාවෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සදහා අවවාද අනුශාසනා කල උතුරු නැගෙනහිර ප්‍රදාන සංඝනායක පූජ්‍ය පනාමුරේ තිලකවංශ ස්වාමීන වහන්සේටද , සසුන්කෙත අස්වද්දමු අප කලණ මිතුරු කැටුවේ සියලු සාමාජිකයන්ටද ,එමෙන්ම මේ වැඩකටයුතු සදහා මූලිකත්වය දැක් වූ පින්වත්
අමිල අබේසේකර
වජීසා අක්කා
දිනෝෂී අක්කා
දර්ශන අයියා
නදී අක්කා
මදූක අයියා
දර්ශනී
චතුරන්ග අයියා
ප්‍රභාෂ් දේවා
සුමාලි ඉඹුල්දෙනිය
මෙවන් දිසානායක
රුක්ශිනී ශිල්පා
ජීන් සන්ද්‍යා
සුනිලා මැණිකේ
දිනුශි
හිරන්ත
අකලන්ක ඉරේශාන්
ඩිලූෂ
අශෝක
මහේශා දිසානායක
සුන්දර් රාජ්
පරාක්‍රම විජේමාන්න
විජිතා දමයන්ති
නිලන්ත සන්ජීව අයියා
එමෙන්ම තීන්ත සදහා දාඅයකත්වය දැරූ ලක්සිත්,කසුන් අයියා,ඉසුරු වීරසූරිය,හිරන්ත, දර්ශන ,අමිල ප්‍රියදර්ශන,එල්ශන්,නිරෝශ්,සමීර,බුද්ධික,ඉසුරන්ත,ජනක,නුවන් ඇතුලු එදින පින්කමට පැමිනි සියලු මිතුරන් හටද
ඈතුලු ,වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද රෑස්කල සියලු පින් මෙත් සිතින් යුක්තව අනුමෝදන් කරමි.සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝධ කිරීම පිනිසම හේතු වේවා..මෙම අසිරිමත් පින්කම අවසන් අදියර සදහා සම්බන්ද වීමට කැමති පින්වතුන් මා අමතන්න ඉසුරු 0715945477 .
තෙරුවන් සරණයි …නමෝ බුද්ධාය
Leave a Reply
Your email is safe with us.