දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අපට නිර්වාණය පිණිස ම උපකාරී වන ඉතා අසිරිමත් පින්කමක් සිදු කරගැනීමට පසුගිය දිනක හැකි වූවා,බලංගොඩ පසුකර රාස්සගලට පැමිණ රාස්සගලින් හැරමිටිගල ගම්මානය වෙත පැමිණි විට හමුවන හැරමිටිගල කන්ද මුදුනේ පිහිටි මෙම හැරමිටිගල කුටියේ වැඩ වාසය කරන පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා සුවසේ සක්මන් භාවනාවේ යෙදීම පිණිස සක්මන් මළුවක් සැකසීමට අප සැම කලණ මිතුරන් හා සමගින් එක්වී කතිකා කොට ගත් සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එහි මූලික කටයුතු ඉතාම ශ්‍රද්ධාවෙන් අපට නිම කිරීමට හැකි වුවා,ගමන් කිරීමට අසීරු ඉතා දුෂ්කර මාර්ගයකින් අදික කූඩැල්ලන් මද්‍යයේ ගමන් කොට කන්ද මුදුනට සිමෙන්ති ,වැලි, ආදි සියලු දෑ ගෙන යමින් බොහෝ මහන්සි වී කටයුතු කරනු ලැබූයේ බුදුගුණ සිහි කරමින් මය, භූමිය මනාව සමතලා කොට බිම් මට්ටමට මනාව කොන්ක්‍රීට් යොදා ගල් ආවරණයකින් ආවරණය කොට මූලික වැඩකටයුතු රාත්‍රී වන තුරුම සිදු කරමින් අවසන් කිරීමට අපට හැකි වීම භාග්යක්මය .මෙයට සමගාමීව අපගේ අතින්ම ස්වාමීන් වහන්සේලා උදෙසා දානය සකසා පූජා කළ අතර සුවසේ බවුන් වැඩීම පිණිස භාවනා මදුරුදැල් පූජාවක් ද සිදු කළ අතර කුටිය වටා රුක් රෝපණ්ද සිදුකලෙමු,අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ අපට අවවාද අනුශාසනා කරමින් මෙම පින්කමට උපකාර කර කන්දෙකුඹුරේ රාධ ස්වාමින් වහන්සේටද ,මෙම කුටියේ ස්වාමින් වහන්සේටද ඇතුලු පින්වත් සියලු ස්වාමින් වහන්සේලාටද දිනූ අක්කාටද ,නුවන් මිතුරාටද , එමෙන්ම මේ සදහා මූල්‍යමය දායකත්වය දැරූ
දුශාන් සOජීව මිතුරාටද
දමිත් කුමාර මිතුරාටද
යශෝදා පතිරත්න නැන්දාටද
සිඩ් අයියාටද
සුචරිත් තුශාර අයියාටද
නිශාමිනී අක්කාටද
ඉන්දුකා උමාලි අක්කාටද
මදුරු දැල් පූජවට සම්බන්ද වූ පින්වත් ගයාන් තෙන්නකෝන් අයියා ඇතුලු ධර්මදාස තෙන්නකෝන්, නදීශානි අන්ද්‍රාහෙන්නදි, නෙහෙලි තෙන්නකෝන්, කවිදු විජේසූරිය, කුමාර විජේසූරිය ඇතුලු සියලුදෙනාටද , ස්වාමින් වහන්සේලාගේ ධානය පිසීම සදහා මූලිකත්වය ගත් පින්වත් නන්දික අයියාටද ඒ සදහා දායකත්වය වූ සියලුදෙනාටද, පින්කමට ශ්‍රමයෙන් සම්බන්ද වූ සියලු මිතුරන්ටද වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා,මෙම අසිරිමත් පින්කම අවසන් අදියර සදහා සම්බන්ද වීමට කැමති පින්වතුන්ද, සසුන් කෙත අස්වද්දමු පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට කැමති පින්වතුන්ද,
අමතන්න 0715945477 ඉසුරු……..
තෙරුවන් සරණයි … නමෝ බුද්ධාය
Leave a Reply
Your email is safe with us.