බුදුරජාණන් වහන්සේගේ ජලසාටිකා ධාතූන් වහන්සේ (නානකඩය) ඇතුලු රහතන් වහන්සේලා 500යකගේ ජලසාටිකා ධාතූන් වහන්සේලාද, බුදුරජාණන් වහන්සේ ප්රමුඛ රහතන් වහන්සේලා 500ය දන් වැළඳු පාත්‍ර ධාතුන් වහන්සේලා 501 ද, බුදුරජාණන් වහන්සේගේ අභිනීල කේශ ධාතුන් වහන්සේලා ද තැන්පත් වී ඇති බව සෙල්ලිපි මගින් සනාථ කර ඇත බුදුරජාණන් වහන්සේ ප්රමුඛ රහතන් වහන්සේලා 500ය සමවත් සුවයෙන් බොහෝ වේලා වැඩ සිටියා වූ අසිරිමත් පින්බිමයි මෙම එගොඩ කැළණි පුදබිම ,දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අපට නිර්වාණය පිණිස ම උපකාරී වන ඉතා අසිරිමත් පින්කමක් මෙම එගොඩ කැළණි ස්තූප රාජායාණන් වහන්සේ වෙත සිදුකර ගැනීමට ලැබීම අපගේ භාග්‍යක්මයි,මෙම සෑ රජාණන් වහන්සේගේ සම්පූර්ණ සෑ මලුවට අපගේ අතින්ම වැලි හලා එම වැලි කරතබාගෙන මනාව සමතලා කර අපගේ අතින්ම අතුරණු ලැබූයේ එදා යම් සේ බුදුරජාණන් වහන්සේ මෙම භූමියේ පා කමල් ස්පර්ශ කරාද උන් වහ්සේගේ පා සුවපහසු ලෙස මෙම භූමියේ තබන්නේද එම තබන තබන පියවරක් පාසා අප අතුරන වැලිකැටයක්ම උන් වහන්සේ වෙත පූජාවේවා යන සිතුවිල්ලෙන්මය ,දිනය පුරා බොහෝ දෙනකු සම්බන්ද වී වැලි අතුරන ලද අතර මෙම පින්කම නිමා කර අප ස්තූප පවුරේ තීන්ත ආලේප කිරීමද ,සම්පූර්ණ පහන් වැට සෝදා පවිත්‍ර කිරීමද පහත බෝ මලුවේ හා ඉහල බෝ මලුවේ වැලි ඇතිරීමද සිදුකලෙමු,දිනය පුරාම අසිරිමත් පින්කම් මාලාවෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මේ සදහා වැලි කියුබ් 10 සදමා මූල්‍යමය දායකත්වය දැරූ පින්වත්
සුදේශ් ගමගේ අයියාටද,
කුසුම් පෙරේරා හා නිලක්ෂි පෙරේරා අක්කාට හා එම සියලු මිතුරු පිරිසටද කැලරන්ස් අයියාටද
අමිල අබේසේකර අයියටද
නාලිනී පියසේන මහත්මියටද
නදීකා අක්කාටද
සOජය මහතාටද
දුශාන් සන්ජීව මිතුරාටද
රුක්ශිනී ශිල්පා දෙපලටද
සුනිලා මැනිකේ මහත්මියටද
කෞෂල්‍යා මිතුරියටද
ශාලිකා මිතුරියටද
පමුදි මිතුරියටද
පසන්,රසික ,හිරන්ත ,එල්ශන් , නුවන් ,නිරෝෂ්,දුමිදු, ඇතුලු සියලු මිතුරන්ටද ,එමෙන්ම සසුන්කෙත අස්වද්දමු පින්කම් සදහා මූදල් ල්බා දුන් සියලු මිතුරන්ටද, ,පින්කම දින මූදල් ලබාදුන් නම් සදහන් නොකල සියලු මිතුරන්ටද , එමෙන්ම උපකරණ ලබා දුන් සියලු මිතුරන්ටද ,ප්‍රවාහන පහසුකම් ලබාදුන් සියලු මිතුරන්ටද ,උදෑසන ආහාර ලබා දුන් පින්වත් අරුණ ප්‍රියදර්ශන මිතුරාටද දහවල් ආහාරය ලබාදුන් පින්වත් දීප්ති අයියාටද ,දේශාභිමානී කලා සංසදයේ සියලු පින්වතුන්ට ද,පින්කමට ශ්‍රමයෙන් සම්බන්ද වූ සියලු මිතුරන්ටද වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා ,මෙම එගොඩ කැළණිය විහාරස්තානය වෙත ප්‍රදාන අඩුපාඩුවක් බවට ශබ්ධ විකාශන යන්ත්‍රයක් නොමැති වීම බලපා ඇති අතර ස්වාමින් වහන්සේගේ ඉල්ලීම පරිදි වස් කාලයට ප්‍රථමයෙන් ධර්ම දානය පිණිස හේතු වන ශබ්ධ විකාශන යන්ත්‍රයක් මෙම විහාරයට පූජා කිරීමට අප අදහස් කරා . එම පින්කමට සම්බන්ද වීමට කැමති පින්වතුන් අමතන්න ඉසුරු 0715945477
තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.