නිවන් මාර්ගය වඩන සුපේශල ශික්ෂාකාමී යෝගාවචරයන් වහන්සේලාට හුදෙක් ප්‍රතිපත්තියේ හැසිරීම සඳහා මාර්ගය වැඩීම සඳහා ම විශේෂයෙන් වෙන්වූ කාලයක් ලෙස වස්කාලය හැඳින්විය හැක . ඉතින් වස් කාලයේ ආර්ය මාර්ගය වැඩීම සඳහා බෙහෙවින්ම උපකාරී වන අතිශය අසිරිමත් පිංකමක් පසුගිය වසරේ දිද්දෙණිය ආරණ්‍ය සේනාසනයේ වස් සමාදන් වන දිනයේ සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල අරිහත් පරපුරෙන් පැවත එන උතුම් ස්වාමීන් වහන්සේලා වෙත අපගේ සියතින්ම පූජා කර ගැනීමට ලැබීම මහත් භාග්‍යයක් මය..වන පෙත තුල, කුටි තුල, තැනින් තැන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සුවපහසු ලෙස සිදුකර ගැනීමටද , මැසි මදුරුවන් ආදී වනයේ සිටින කෘමි සතුන්ගෙන් ආරක්ෂා වී නිවන් මාර්ගයේ වැඩීම පහසු වීම සදහා භාවනා මදුරු දැල් (meditation nets) පින්වත් ස්වාමින් වහන්සේලාට පූජා කරගැනීමේ අවස්ථාව අප සැමට උදාවිය .සඝ ගුණ සිහිකරමින් උන් වහන්සේලාට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතීවා යන අදහසින්ම කළණ මිතුරන් සමගින් එක් වී මෙම භාවනා මදුරු දැල් 12 පූජා කළෙමු.එමෙන්ම එදින දිද්දෙණිය නිවාරණයට අනුබද්ධ නෙලුම්දෙනිය ආරණ්‍යයේ අටවිසි බෝධීන් වහන්සේලා රෝපණය කිරීමේ පින්කමක් ද අපගේ අතින්ම සිදු කෙරිනි. දිනය පුරාම භාවනා මදුරු දැල් පූජාවෙන් ,අටවිසි බෝධීන් වහන්සේලා පූජාවෙන් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මෙම පිංකම සිදු කිරීම සඳහා භාවනා මදුරු දැල් ලබාදුන් ගයාන් තෙන්නකෝන් අයියාටදරසික අයියාටදහර්ශ අයියාටදආදි කොටගත් සියලු මිතුරන්ටද,සසුන්කෙත අස්වද්දමු පින්කම් සදහා මූල්‍යමය දායකත්වය දරන සියලු දෙනාටද .සසුන්කෙත අස්වද්දමු අප මිතුරු කැළටද . වචනයෙන් පවා උපකාර කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝධ වීමට උපකාර වේවා!. මෙවර සසුන්කෙත අස්වද්දමු මිතුරු කැළ විසින් හම්බන්තොට වෙහෙරගල සෙනසුනේ කඨින පිංකම බාරගෙන ඇත , එම පිංකමේ වස් ආරාධනාව දින වන ඇසල පොහෝ දින එනම් 16 වන දින අපවැසි සලු පූජාවක්වැසි ගොටු පූජාවක්භාවනා ආසන පූජාවක්සිදුකරන අතර වස් සමයේ උතුම් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ප්‍රත්‍යන්ගෙන් උපකාර කර මෙම අසිරිමත් පින්කමටද ඔබට දායක විය හැක .එම පින්කමට හා සසුන් කෙත අස්වද්දමු පින්කම් සදහා සම්බන්ද වීමට එක් වන්න අප සමගඅමතන්න ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.