දහසක් විහාරස්තාන ගොඩනගා සසුන්කෙත අස්වද්දමු තේමාව පෙරටුකරගනිමින් ගම් දනව් සිසාර ගමන් කරන අප මිතුරු කැළට දිනෙන් දින අසිරිමත් පින්කම් සිදුකරමින් සාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු සිදුකිරීමට අවස්තාවන් උදා වන අතර පසුගිය දිනක දිවා රෑ පින් වැඩෙන අසිරිමත් පින්කමක් ගලේවෙල දිද්දෙණිය ආරණ්‍යට අනුබද්ද නෙලුන්ගල කාවන්තිස්ස වන සෙනසුන වෙත සිදුකිරීමට හැකිවූවා.ස්වාමින් වහන්සේලා වස් සමාදන් වන දිනම අපගේ අතින්ම මෙම අටවිසි බෝධීන් වහන්සේලා සිටුවීමට ලැබීම මොනතරම් භාග්‍යක්ද .පහත දැක්වෙන්නේ ඔබ සියලුදෙනාටම දැනගැනීම පිණිස එම බෝධීන් වහන්සේලාගේ නාමයන්ය
(1) තණ්හOකර බුදුහිමි බුදු වූ රුක්අත්තන බෝධිය
(2) සරණOකර බුදුහිමි බුදු වූ පලොල් බෝධිය
(3) මේධංකර බුදුහිමි බුදු වූ පලොල් බෝධිය
(4) දීපOකර බුදුහිමි බුදු වූ පතන බෝධිය
(5) කොණ්ඩඤ්ඤ බුදුහිමි බුදු වූ සාල බෝධිය
(6) මංගල බුදු හිමි බුදු වූ නා බෝධිය
(7) සුමන බුදුහිමි බුදු වූ නා බෝධිය
(8) රේවත බුදුහිමි බුදු වූ නා බෝධිය
(9) සෝභිත බුදුහිමි බුදු වූ නා බෝධිය
(10) අනෝමදස්සි බුදු හිමි බුදු වූ අර්ජුන (කුඹුක්) බෝධිය
(11) පදුම බුදුහිමි බුදු වූ මුරුත බෝධිය
(12) නාරධ බුදු හිමි බුදු වූ මුරුත බෝධිය
(13) පදුමුත්තර බුදු හිමි බුදු වූ සරල බෝධිය
(14) සුමේධ බුදු හිමි බුදු වූ බක්මී බෝධිය
(15) සුජාත බුදු හිමි බුදු වූ කොළ උණ බෝධිය
(16) පියදස්සි බුදුහිමි බුදු වූ රුක් බෝධිය
(17) අනෝමදස්සී බුදුහිමි බුදු වූ සපු බෝධිය
(18) දම්මදස්සි බුදු හිමි බුදු වූ කුරාවක බෝධිය
(19) සිද්ධාර්ථ බුදුහිමි බුදු වූ කිනිහිරිය බෝධිය
(20) තිස්ස බුදු හිමි බුදු වූ අසන බෝධිය
(21) ඵුස්ස බුදු හිමි බුදු වූ ආමල බෝධිය
(22) විපස්සි බුදු හිමි බුදු වූ පලොල් බෝධිය
(23) සිඛී බුදු හිමි බුදු වූ ඇටඹ බෝධිය
(24) වෙස්සභූ බුදු හිමි බුදු වූ සාල බෝධ්ය
(25) කකුසද බුදු හිමි බුදු වූ මාර බෝධිය
(26) කෝණාගම බුදු හිමි බුදු වූ උඩුදුම්බර බෝධිය
(27) කස්සප බුදුහිමි බුදු වූ නුග බෝධිය
(28) ගෞතම බුදුහිමි බුදු වූ ඇසතු බෝධිය
මෙම බෝධීන් වහන්සේලා යම් සේ මෙම විහාරයේ සුවසේ වැඩ වාසය කරයිද පින්වත් මිනිසුන් හට ඒ තාක් මෙම බෝධීන් වහන්සේලා දැක බලා බුදු ගුණ සිහිකරමින් වන්දනා කර අප්‍රමාණ පින් රැස්කරගත හැක ,මෙම සුවිශේෂී අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම බෝධීන් වහන්සෙලා අපහට ලබා දුන් පැතුම් මහතාටද නෙල්කා මෙනවියටද චතුරOග
අයියාටද , එමෙන්ම ප්‍රවාහණ පහසුකම් සලසා දුන් දනුෂ්ක විජේසුන්දර අයියාටද
එමෙනම් මෙම පින්කම සදහා දායකත්වය දැරූ
දුශාන්ත චිරාජ් අයියාටද
චතුරංග අයියාටද
නිලූකා ගුණරත්න අක්කාටද
නිරානි පතිරගේ අක්කාටද
පරාක්‍රම විජේමාන්න අයියාටද
මහේෂා අක්කාටද
ඉන්දුකා උමාලි අක්කාටද
ලක්මිනී ජයලත්
එරOගා වර්ණකුලසූරිය අක්කාටද
කල්‍යාණි ප්‍රනාන්දු අක්කාටද
ආදි කොටගත් සියලු මිතුරන්ටද,සසුන්කෙත අස්වද්දමු පින්කම් සදහා මූල්‍යමය දායකත්වය දරන සියලුදෙනාටද .සසුන්කෙත අස්වද්දමු අප මිතුරු කැළටද . වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා..මෙම වෘක්ෂයෝ යම්තාක් වැඩෙත්ද මෙම වෘක්ෂයන් විමාන කරගත් දෙවිවරුන් මේවාට අධිගෘහිත වී මෙම භූමිය තුල සම්බුද්ධ ශාසනය නගා සිටුවා සීහල දීපය බැබළවීමට දෙවිවරුන්ගේ ආශිර්වාදය උපකාරද ලබාදෙත්වා…මෙලෙස අටවිසිබෝධීන් වහන්සේලා අවශ්‍ය විහාරස්තාන තිබේනම් ඒ පිලිබදව මෙන්ම සසුන්කෙත අස්වද්දමු පිනකම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
Leave a Reply
Your email is safe with us.