දහසක් විහාරස්ථාන ගොඩනඟා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අප පසුගිය දිනක තවත් අසිරිමත් පින්කමක් සිදුකෙලෙමු,.දුටුවන්ගේ නෙත් සිත් වශී කෘත වන බෙන්තර ප්‍රදේශයේ බෙන්තර මුහුදු තීරය හා බෙන්තර ගග එක් වන තැන පිහිටා ඇති මෙම පංච කපුදූවේ ධර්මද්වීප වන සෙනසුන අතිශය සුන්දර බවින් යුක්ත සේනාසනයකි . හුදකලා නිවන්මග වඩින ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් උන් වහන්සේලා සමග ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගෙවන්න ලැබීමත් අප හට උදා වන්නේ අප පෙර සසරේ සිදුකල පිනක් නිසාමයි. ලොවට උතුම් පින්කෙත වූ අසිරිමත් අෂ්ඨපුද්ගල ආර්ය මහා සංඝ රත්නය සිහිකරමින් වන ගත භික්ෂුන් වහන්සේලාට මහත් පලිභෝධයක් වූ මැසි මදුරු පීඩාව අවම කරවමින්, නිර්වාණය සොයා යන ගමනට පහසුවක් සලසා දීමට හැකිවේවා යන ඒකායන පරමාර්තය පෙරදැඩිව මෙම විශේෂයෙන් සකසූ භාවනා මදුරු දැල් මනර ම්පංච කපුදූවේ ධර්මද්වීප ආර්ණ්යයේ පින්වත් ස්වාමින් වහන්සේලා වෙත පූජා කලෙමු.,මෙම මදුරුදැල් පූජා කිරීමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පිංකම සඳහා අපට අවවාද අනුශාසනා කරමින් අපට බොහෝ උපකාර කළ පංච කපුදූවේ ධර්මද්වීප විහාරාධිපති පින්වත් ස්වාමීන් වහන්සේට ද ,මෙම මදුරුදැල් සම්පූර්ණයෙන්ම ලබාදුන්
ගයාන් තෙන්නකෝන් අයියාටද
මෙන්ම මේ අසිරිමත් පින්කමට මා සමග පැමිණි සියලු පින්වත් මිතුරන්ටද වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා..තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු
සසුන් කෙත අස්වද්දමු පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.