ඊයේ දින අතීශය සුන්දර දිනක් විය , බෙල්ලන්විල විහාරය වෙත අප පියනගා පින්කම ආරම්භ කරන ලද්දේ දහවල් 11 පමණය ,පහන් වැට වෙත ගොස් එය දෙස බලන විට අපට සිතාගැනීමට නොහැකිවිය මෙය කෙසේ පවිත්‍ර කිරීමට ආරම්භ කළ යුතුද කියා මන්ද යත් අත තැබීමටවත් නොහැකි තරමින් දැලි තෙල් හා වැලි සෑම තැනම විය,ඉතින් අපි සෑම දෙනාටම අත් ආවරණ සහ මුහුණු ආවරණ ලබා දෙමින් පවිත්‍ර කිරීම ආරම්භ කරන ලදී .මනාව පරණ තෙල් ඉවත් කර , කැඩුණු පහන් ඉවත් කර ,දැලි කුණු ඉවත් කර ශ්‍රද්ධා සිතින් පහන් පූජා සිදුකිරීමට පැමිනෙන මිනිසුන් වෙත ප්‍රියමනාප සිතින් ඉතා පිරිසිදුව පහන් පූජා කිරීමට අවස්තාව උදා කර දීමට අපට හැකි වූවා, සෑම දෙනාම බුදුගුණ සිහිකරමින් ජීවමාණ බුදුරජාණන් වහන්සේ වෙත උපස්තාන කරනවා සිතා දැලි කුණු තවරමින් අප්‍රමාණ වෙහෙසී කාය පූජාවෙන් මෙම පින්කම සිදුකිරීම අප්‍රමාණ සතුටක් විය , ඉන්පසු මනාව කුණු ගලවා ජලයෙන් සෝදා හැර රෙදි යොදා පිහදා අවට ප්‍රදේශයේ වැලි අතුරා මල් ආසනද පවිත්‍ර කලෙමු. .ඉන්පසු පවිත්‍ර කිරීම නිමකොට අප අලුත් පහන් 3000 ගෙන්විත් අපගේ අතින්ම පූජා කරන ලදී, දහසක් විහාරස්තාන ගොඩ නගා සසුන්කෙත අස්වද්දමු තේමාව යටතේ විහාරස්තාන වෙත සිදුකරන සේවාවන් යටතේ බෙල්ලන් විල විහාරයේ සිදුකල මෙම පින්කමේ අපගේ අනෙක් මූලික හවුල වූයේ දේශ අභිමාණ කලා පදනමයි , ඉතින් මෙවැනි කළණ මිතුරන් 200 පමණ එක් වී සිදුකල මෙම පින්කම අපට රාත්‍රී 7 පමණ විට නිමා කිරීමට අපට හැකිවිය , මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ කුසුම් අක්කා ප්රමුඛ දේශ අභිමාණි කලා පදනමේ සියලු පිරිසටද ,පවිත්‍ර කාරක ගෙන එමින් මේ සදහා සම්බන්ද වූ සියලු දෙනාටද දිවා ආහාර ලබා දීමට සම්බන්ද වූ සියලුදෙනාටද එමෙන්ම අවසර ගැනීමට සම්බන්ද වූ ලක්මිණි හා නෙලන්ගනී අක්කලාටද , එමෙන්ම පහන් ගැනීමට සම්බන්ද වූ සියලු පිරිසටද , අප්‍රමාණ ශ්‍රමයෙන් පින්කමට සම්බන්ද වූ සියලුම කල්‍යාණ මිතුරන්ටද පින්කැමති සියල්ලන්ටද මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා.
සසුන්කෙත අස්වද්දමු පිනකම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.