සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් බුද්ධත්වයට සපැමිණි අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ කෙතරම් අසිරිමත් ද දෙව්,බඹ ,නා පිරිසගේ වන්දනාමානයට පාත්‍ර වන අපගේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය කියා නිම කළ නොහැක. ඉතින් ගම් දනව් සිසාරා විහාරස්ථාන ගොඩනගමින් ශාසනය වෙනුවෙන් ඇප කැපවී සිටින සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලට කදුමුදුනක පිහිටි අසිරිමත් කබරගල වන සෙනසුන වෙත කර තබමින් ,දහඩිය වගුරවමින් කාය පූජාවෙන් වෙහෙස මහන්සි වී බුදු පිලිම වහන්සේ වැඩම කිරීම ඉතාමත් ශ්‍රද්ධාවෙන්ම සිදුකරන ලදී.කන්ද තරනය කරන අතර තුර අපගේ ජීවිත පූජාවෙන් ගල් මත වැටෙමින් ,හෙළවල් මතට පය ලිස්සා යමින් , මුල් උඩ පැටලෙමින් නොයෙකුත් බාධා මද්‍යයේ බුදුරජාණන්වහන්සේට කිසිම සීරීමක්වත් සිදු නොවන ලෙස අපගේ දිවි දෙවැනි කොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කිරීමට ලැබීම අපගේ භාග්‍යයක්මය,මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මෙම පිළිම වහන්සේ පූජා කරීම සිදු කළ පින්වත් තේජා කුමාරි අක්කා ඇතුළු පවුලේ සියලූම දෙනාට ද, එමෙන්ම මෙම බුදු පිළිම වහන්සේ වැඩම කිරීම සඳහා දායකත්වය දැරූ පින්වත් ධනුෂ්ක විජෙසුන්දර මිතුරාටද, එමෙන්ම මෙම බුදු පිළිම වහන්සේ වැඩම කිරීම සඳහා සම්බන්ධ වූ සසුන් කෙත අස්වද්දමු අප මිතුරු කැලටද පින්කැමති සියල්ලන්ටද මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා.මෙම පිළිම වහන්සේ බොහෝ කාලයක් පින්වත් ජනයාගේ හිත සුව පිණිස. කුසල් සිත් ජනිත කිරීම පිණිස, බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කිරීම පිණිස සුවසේ වැඩසිටීවා
මෙම පිලිම වහන්සේ තැන්පත් කෙරෙන බුදු මැදුර මේ දිනයන්හීදී සකස් කෙරෙන අතර ඒ අසිරිමත් පින්කම සදහාද
සසුන්කෙත අස්වද්දමු පිනකම් මාලාවන් සදහාද සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.