බුදුන් වහන්සේ ලංකාවට වැඩි ගමනේදී සුමන සමන් දිව්‍යපුත්‍රයා පූජා කල මෙබදු රත් දෝතළු මල් අපටද පසුගිය දින අවාරේ කරන ලද සිරිපා වන්දනාවේදී පූජා කිරීමට හැකි වූවා,අවාරයේ සිරිපා කරුණා කිරිමට ලැබීම ඉතාමත් දුර්ලභ පින්කමක් වන අතර ,රත්දෝතළු මල් පූජා කිරීමට ලැබීමද එවැනිම දුර්ලභ කාරණයකි, අධික වර්ශාව , අධික සුලග ,අධික සීතල, අධික මීදුම අවාරයේ සිරිපා කරුණා කරන සැමට ඉතා සුලබ සිදුවීම් වුවද සමන් දෙවිදුගේ කරුණාව නිසාවෙන්ම ඒ හැම දෙයක්ම අපට දුලබ විය , අව් ,වැසි, සුලන් මීදුම කිසිම අයුරකින් අපට බාදාවක් නොවීය ,01/09/2018 දින අලුයම අවාරයේ ශ්‍රි පාදය කරුණා කිරීම අප ඇරඹූයේ රත්නපුර මාර්ගයෙනි. කි .මී 12 ක් පමණ වූ එම මාර්ගයෙහි මහා වන ලැබ මැදින් බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා සහ සාරිපුත්ත , මොග්ගල්ලාන, අංගුලිමාල මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ඉතාමත් ශ්‍රද්ධාවෙන් කරඬුව මත තැන්පත්කර ශ්‍රී පාදපත්මය වෙත බුදුගුණ සිහි කරමින් මුතුකුඩ සහිතව සැදැහැ සිතින් වැඩම කිරීමට අපට හැකි විය.ගමන් කරන සෑම මොහොතකම සුවඳ පූජා සිදු කරමින් අඩියක් තබන වාරයක් වාරයක් පාසා බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්තව ම ඉන්ද්රනීල මාණික්‍යය තුළ දහසක් අර ,දහසක් නැඹ සහිත චක්‍ර ලකුණින් සුසැදි බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපතුල අවාරයේ වන්දනා කිරීමට ලැබීම මොනතරම් වාසනාවක්ද , මෙම අසිරිමත් පිංකම තුළ පින්වත් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරමින් ,ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරමින්, ගිලානොපස්ථාන කරමින්, අසිරිමත් සිරිපතුල වෙත රත් දෝතළු මල් මෙන්ම මුතුකුඩ, පාවාඩ, පත්කඩ ,මිරිවැඩි සගල් ආදී අනේකවිධ පිරිකර පූජා කරමින් පින්වත් ස්වාමීන් වහන්සේලා සමඟින් මනරම් වන්දනාවක් සිදුකරමින් දිනය පුරාම ශ්‍රීපාද භූමිය ආශ්රිත කරගනිමින් අසිරිමත් පුණ්‍ය ගංගාවක් රැස් කරගැනීමට අපට හැකි වූවා .මෙම අසිරිමත් වූ සියලු පුණ්‍ය ධර්මයෝ මෙම පිංකම සදහා සම්බන්ද වූ
රුක්ශිනි අක්කාටද
මහේෂි අක්කාටද
ඔසන්දි අක්කාටද
තරින්දු අංජන මිතුරාටද
ස්වර්ණා අක්කාටද
ලක්මාලි ජයසේකර අක්කාටද
යශෝධා නැන්දා
මිහිරි අක්කා
සOජීව ගුණසේකර අයියාටද
අමිල අයියා
ඇතුලු සියලු දෙනාටද , රත් දෝතළු මල් ලබා දුන් උජිත් අයියා හා දුමිදු මල්ලිටද,මනරම් පිරිකර සකස් කරමින් පූජා කල සියලු දෙනාටද,වන්දනාව සිදුකල සුමේද ස්වාමින් වහන්සේ සහ විපස්සී ස්වාමින් වහ්සේටද
අප්‍රමාණ වෙහෙස මහන්සි වී අසිරිමත් පින්කම උදෙසා කාය පූජාවෙන් අප්‍රමාන කැපකිරීම් කල සසුන් කෙත අස්වද්දමු මාගේ මිතුරු කැළටද, පින්කැමති සියල්ලන්ටද මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා.
තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු
සසුන් කෙත අස්වද්දමු පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.