සුමන සමන් දෙව් රජුගේ ආශිර්වාදය මද්‍යයේ සිදුකල අසිරිමත් පින්කමක් ලෙස අප සිදුකල අවාරයේ සිරිපා කරුණාව හැදිවිය හැක, සසුන්කෙත අස්වද්දමු තේමාව කරගත් මිතුරු කැලේ 50 දෙනකු මෙම පින්කමට එක් වී සිටි අතර මෙම පින්කමෙදි අප හට අදික අව් වැසි සුලන් ආදී බාහිර කිසිදු පීඩාවකින් තොරව රත්නපුර මාර්ගයෙන් කරුණා කර හැටන් මාරගයෙන් ගමන නිමා කිරීමට හැකිවීය, මෙම පින්කම් මාලාව පුරාවට සිදු වූ අසිරිමත්ම සිදුවීමක් වූයේ ගමන පුරාවටම අපහට ස්වාමින් වහන්සේලා හට උපස්තාන කරමින් ස්වාමින් වහන්සේලාට ධානය පූජා කරමින් වතාවත් සිදුකරමින් සිරිපා අඩවියේ භාවනා යෝගීව වැඩ සිටින ස්වාමින් වහ්සේලාගෙන් ධර්මය ශ්‍රවණය කරමින් උන් වහන්සේලා සමග ධර්ම සාකච්චා කිරීමට ලැබීමයි.මහා වන ලැබ මැදින් බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා සහ සාරිපුත්ත , මොග්ගල්ලාන, අංගුලිමාල මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ඉතාමත් ශ්‍රද්ධාවෙන් කරඬුව මත තැන්පත්කර ශ්‍රී පාදපත්මය වෙත බුදුගුණ සිහි කරමින් මුතුකුඩ සහිතව සැදැහැ සිතින් වැඩම කිරීමට අපට හැකි වීමද අනෙක් අසිරිමත් කාරණාව විය.ගමන් කරන සෑම මොහොතකම සුවඳ පූජා සිදු කරමින් අඩියක් තබන වාරයක් වාරයක් පාසා බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්තව ම ඉන්ද්රනීල මාණික්‍යය තුළ දහසක් අර ,දහසක් නැඹ සහිත චක්‍ර ලකුණින් සුසැදි බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපතුල අවාරයේ වන්දනා කිරීමට ලැබීම මොනතරම් වාසනාවක්ද , මෙම අසිරිමත් පිංකම තුළ පින්වත් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරමින් ,ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරමින්, ගිලානොපස්ථාන කරමින්, අසිරිමත් සිරිපතුල වෙත දෝතළු මල් පූජා කරමින්, මුතුකුඩ, පාවාඩ, පත්කඩ ,මිරිවැඩි සගල් ආදී අනේකවිධ පිරිකර පූජා කරමින් පින්වත් ස්වාමීන් වහන්සේලා සමඟින් මනරම් වන්දනාවක් සිදුකරමින් දිනය පුරාම ශ්‍රීපාද භූමිය ආශ්රිත කරගනිමින් අසිරිමත් පුණ්‍ය ගංගාවක් රැස් කරගැනීමට අපට හැකි වූවා .මෙම අසිරිමත් වූ සියලු පුණ්‍ය ධර්මයෝ මෙම පිංකම සදහා සම්බන්ද වූ
රුක්ශිනි අක්කාටද
මහේෂි අක්කාටද
ඔසන්දි අක්කාටද
තරින්දු අංජන මිතුරාටද
ස්වර්ණා අක්කාටද
ලක්මාලි ජයසේකර අක්කාටද
යශෝධා නැන්දා
මිහිරි අක්කා
සංජීව ගුණසේකර අයියාටද
අමිල අයියා
ඇතුලු සියලු දෙනාටද , දෝතලු මල් ලබා දුන් උජිත් අයියා හා දුමිදු මල්ලිටද,මනරම් පිරිකර සකස් කරමින් පූජා කල සියලු දෙනාටද,වන්දනාව සිදුකල සියලු ස්වාමින් වහන්සේලාටද ,
ධානය පිසීමට හා ස්වමින් වහන්සේලාට උපස්තාන කිරීමට සම්බන්ද වූ සියලු දෙනාටද
අප්‍රමාණ වෙහෙස මහන්සි වී අසිරිමත් පින්කම උදෙසා කාය පූජාවෙන් අප්‍රමාන කැපකිරීම් කල සසුන් කෙත අස්වද්දමු මාගේ මිතුරු කැළටද, පින්කැමති සියල්ලන්ටද මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා.
තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු
සසුන් කෙත අස්වද්දමු පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
පිවිසෙන්න අපේ වෙබ්අඩවියට
web: sasunketha.org
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.