දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ බොහෝ කාලයක් හිත හිතා සතුටුවිය හැකි අසිරිමත් පින්කමක් පසුගිය දිනක සිදු කර ගැනීමේ දුර්ලභ අවස්ථාව අප සැමට උදා වූවා..ගාල්ල පසුකර උඩුගම දෙසට ගිය විට හමුවන කොට්ටව ප්‍රදේශයේ පිහිටා ඇති මෙම නාග ආරණ්‍ය සිංහරාජ රක්ෂිතය මායිමට වන්නට පිහිටා ඇත. දුටුවන්ගේ නෙත් සිත් වශී කෘත වන මනරම් හුදකලා පරිසරයක පිහිටි මෙම සෙනසුන බවුන් වඩන යෝගාවචරයන් වහන්සේලාගේ අසිරිමත් තෝතැන්නක් බවට පත් වී ඇත..මෙම ආරණ්‍යයේ පසෙක කන්ද මුදුනේ මනරම් සෑ රජුන් පිහිටා ඇති අතර එහි චූඩාමාණික්‍යයක් නොමැතිවීම මෙම ස්තූපයේ ප්‍රධාන අඩුපාඩුවක් ලෙස පැවති අතර මෙම අඩුපාඩුව දුටු අප කලණ මිතුරන් අදහස් කරා මෙම මනරම් සෑ රජුන් උදෙසා අනර්ඝ චූඩාමාණික්‍යයක් පූජා කිරීමට. ඉතින් පසුගිය දිනක පිංවත් ස්වාමීන් වහන්සේලාගේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ බුදුරජාණන් වහන්සේ ප්රමුඛ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් මෙම සෑ රජුන්ගේ ශීර්ෂයේ අපගේ සියතින්ම චූඩාමාණික්‍ය තැන්පත් කරමින් කොත් පැළඳවීමේ වාසනාව අප හට උදා වූවා.ගිලන්පස , චතුමධුර ,අෂ්ටපාන මෙන්ම නේක වර්ණයන්ගෙන් බබළන පුෂ්ප පූජාද ,පහන් පූජා ද, සුවඳ පූජා ද, පූජා කරමින් බුදුගුණ සජ්ඣායනා කරමින් සෑ පැදකුණු කරමින් මනරම් චූඩාමාණික්‍යය සෑ රජුන් උදෙසා පූජා කරමින් දිනය පුරාම රැස්කර ගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මේ අසිරිමත් පින්කම සදහා චූඩාමාණික්‍ය ලබාදුන් පින්වත් සජී නවරත්න අයියාටද එමෙන්ම මේ සදහා චූඩාමාණික්‍ය සකස් කිරීම සඳහා ශ්‍රම දායකත්වය දැරූ පින්වත් නුවන් තෙන්නකෝන් අයියාටද බුද්ධික රවිනාත් මිතුරාටද හා ඔහුගේ පියාටද එමෙන්ම මේ ගමන සඳහා මූල්‍යමය දායකත්වය දැරූ පින්වත් පරාක්‍රම විජය මාන්න අයියාටද ,සුන්දර් රාජ් මිතුරාටද , දුෂාන්ත චිරජ් අයියාටද, ගැමුණු සුරංග අයියාටද ,මෙම ආරණ්‍යයේ සියලු ස්වාමින් වහන්සේලාටද මෙම පින්කමට අපව සම්බන්ද කර දුන් පින්වත් නිරොශ් සහ නිසල් යන පින්වත් මිතුරන්ටද ,අව් වැසි මද්‍යයේ නොකඩවා කාය පූජාවෙම්න් මෙම අසිරිමත් පින්කම සදහා සම්බන්ද වූ මාගේ කල්‍යාණ මිතුරන් සියලුදෙනාටද ,,වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා.තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු
සසුන් කෙත අස්වද්දමු පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.