අසිරිමත් ආරණ්යකට අසිරිමත් පින්කමක් සිදුකිරීමට පසුගිය දිනක අප සෑමට අවස්තාව උදා වුනා.කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට අයත් නෙලුව ප්‍රදේශයේ පිහිටි සිංහලෙන ආරණ්‍ය සේනාසනය මා සිත් ගත් මනරම් පින්බිමකි. මෙම ආරණ්‍යයේ පින්වත් ස්වාමින් වහන්සේලා 10 පමණ වෑඩ වාසය කරණ අතර ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරමින් ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගතකරමින් හුදකලාව බවුන් වෑඩීමට ඉතාමත් සුදුසු පින්බිමකි මෙම සිංහරාජ රක්ෂිතයේ පිහිටි සිOහලෙන ආරණ්‍ය .වන පෙත තුල, කුටි තුල, තෑනින් තෑන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සුවපහසුලෙස සිදුකරගෑනීමටද , මෑසි මදුරන් ආදී වනයේ සිටින කෘමි සතුන්ගෙන් ආරක්ෂා වී නිවන් මාරගයේ වෑඩීම පහසු වීම සදහා භාවනා මදුරු දැල් (meditation nets) පින්වත් ස්වාමින් වහන්සේලාට පූජා කරගෑනීමේ අවස්තාව පසුගියදිනක අප සෑමට උදාවිය .සඝ ගුන සිහිකරමින් උන් වහන්සේලාට බොහෝ කාලයක් හිත සුව පිනිස පවතීවා යන අදහසින්ම කළන මිතුරන් සමගින් එක් වී මෙම භාවනා මදුරු දැල් පූජා කලෙමු…මෙම පුන්ණ්ය භුමිය වන්දනාවෙන් , විහාරය වන්දනා කිරීමෙන් ,නා නා පුජා පෑවෙත්විමෙන් මෙන්ම දෑලකින් කරන ලද කුටි (meditation nets) පූජාවෙන් රෑස්වූ සියලූම පුන්‍ය ධර්මයෝ මෙම භාවනා මදුරු දැල් ලබාගෑනීමට දායකත්වය දෑරූ උපුල් මිතුරාටද
දර්ශන මිතුරාටද
පුබුදු රුහුණගේ මිතුරාටද
නිරොශ් මිතුරාටද
දුශාන් මිතුරාටද
ක්ලැරන්ස් අයියාටද
ප්‍රසන්න ජයනාත් මිතුරාටද ,සසුන්කෙත අස්වද්දමු පින්කම් සඳහා මූල්‍යමය දායකත්වය දෙන සියලු පිරිසටද , මෙන්ම අපරිමිත කැපවීමෙන් දිනය පුරාම මේ සඳහා සම්බන්ධ වූ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලටද ,වචනයෙන් පවා උපකාර කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා.සුන්කෙත අස්වද්දමු ඉදිරි පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.