නව අරහාදී බුදුගුණ වලින් සමන් විත අපගේ බුදුරජාණන් වහන්සේ කෙතරම් අසිරිමත්ද , මිනිසුන්ගෙන් නිතිපතා මේ පුද සත්කාර ලෑබෙන්නේ ඒ අප සරණ ගිය ඒ අපගේ බුදුරජානන් වහන්සේ උදෙසාම නේද, පනස් පස් වසරක් මේ දරණී තලයේ ගම් නියම් ගම් සෑරිසරා මනුසත්වයන් සසර දුකින් එතර කිරීමට කටයුතු කරේ එ උන් වහන්සේ මහ කරුණික නිසාවෙනි. දෙව් බඹුන් පවා සසර දුකින් එතර කළ ඒ අපගේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 500 සමගින් තුන් වන වර ලOකා ගමනයේදී සමවත් සුවයෙන් වැඩ සිටි අසිරිමත් භූම්ය වන මණිඅක්ඛිත නා රජුන් සුරකින අසිරිමත් කැළණි සෑ මලුව හා බෝධී මලුව වැලි ට්පර් 27ක් යොදමින් සුදු වැලි ඇතිරීමට පසුගිය වසරේදී අපට වාසනාව උදා වූයේ පෙර සසරේ සිදුකල පිනක් නිසාවෙන්මයි,දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ ගම් දනව් සිසාර සැරි සරන අප මිතුරු කැළට නිර්වාණය පිණිස ම උපකාරී වන ඉතා අසිරිමත් පින්කමක් මෙම කැළණි ස්තූප රාජායාණන් වහන්සේ වෙත සිදුකර ගැනීමට ලැබීම අපගේ භාග්‍යක්මයි,මෙම සෑ රජාණන් වහන්සේගේ සම්පූර්ණ සෑ මලුවට අපගේ අතින්ම වැලි හලා එම වැලි කරතබාගෙන මනාව සමතලා කර අපගේ අතින්ම අතුරණු ලැබූයේ එදා යම් සේ බුදුරජාණන් වහන්සේ මෙම භූමියේ පා කමල් ස්පර්ශ කරාද උන් වහ්සේගේ පා සුවපහසු ලෙස මෙම භූමියේ තබන්නේද එම තබන තබන පියවරක් පාසා අප අතුරන වැලිකැටයක්ම උන් වහන්සේ වෙත පූජාවේවා යන සිතුවිල්ලෙන්මය ,දිනය පුරා 500කට දික පිරිසක් සම්බන්ද වී වැලි අතුරන ලද අතර මෙම පින්කම නිමා කර සම්පූර්ණ පහන් වැට සෝදා පවිත්‍ර කිරීමද පහත බෝ මලුවේ වැලි ඇතිරීමද සිදුකලෙමු,සම්පූර්ණ පින්කම් මාලව සිදුවන අතර තුර අපට කැළණි වන්දනාවේ පැමිණි 7000 ආසන්න පිරිසකට බෙලි මල් , ඉරමුසු ,රණ වරා දන්සලක් සිදුකිරීමටද හැකි විය ,ඉතින් එම ප්‍රනීත පානයන් බොහෝ දෙන්කුගේ විඩා නිවීමට රුකුලක් විය ,බෙලිමල් දන්සල සිදුකිරීම සද්හා පසුගිය වසරේ මූලිකත්වය ගත් සමීර අයියා හා උපුල් ඇතුලු පිරිසට පුණ්‍යානුමෝදනා කරන අතර මෙම වසරේද එම පින්කම මෙම මස 24 වන දින නැවතත් සිදුකරන අසිරිමත් කැලණි සෑ මලුවේ වැලි ඇතිරීමේ පින්කමට සමගාමීව උදෑසන 8 සිට රාත්‍රිය දක්වාම බෙලිමල් දන්සලක් සිදු කිරීමට සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල අදහස් කර ඇත , ඒ සදහා ශ්‍රමයෙන් සම්බන්ද වීමට කැමති මිතුරන් කැමති පින්වතුන්
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.